ගැහැනිය තුට්‍ටු දෙකට දමන ආණ්ඩුවේ පිරිමිකම

Monday, 22 December 2014 10:29
පසුගියදා එස් බී දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කරේ ජනවාරි 8වනදා ජනාධිපති ජයග්‍රහණයෙන් අනතුරුව චන්ද්‍රිකා බණඩාරනායක හිටපු ජනාධිපතිනිය නිරුවත් කර පහරදී පාරේ දුවන්න සැලැස්විය යුතු බවයි.
 
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව පසුගියදා පෙරමුණ ගත් පුරවැසි බලය සංවිධානය නියෝජනය කළ සමනලී ෆොන්සේකාට විරුද්ධව ආන්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වගෙන යන එක්තරා මඩ වෙබ් මාධ්‍ය ආයතනයක් විසින් මඩ ප්‍රචාරයක් ගෙනගියා.
 
ඔවුන් වාර්තා කරේ අනෝමා රාජකරුණා විසින් කලහයක් ඇතිකරමින් ප්‍රකාශ කර සිටියේ සමනලී ෆොන්සේකා සමඟ බැංකොක් පස්දින මධුසමය සවාරිය සඳහා නෝර්වේ ව්‍යාපෘතියේ මුදල් ලක්ෂ 7ක් පරාක්‍රම නිරිඇල්ල අනවසරයෙන් වැයකර ඇති බවය.
 
මෙම සිද්ධි තුන හුදකලා සිදුවීම් ලෙස කෙනෙකුට බලු බැල්මට සිතිය හැක. නමුත් අවධානයෙන් බැලූ විට ඔබට අවබෝධ වනු ඇත්තේ මෙම කාන්තාවන් දෙදෙනාම අදවනවිට පවතින රජයට එරෙහිව විපක්ෂය වෙනුවෙන් පෙනී සිටියවුන් වීමයි.
 
එසේම මීට ඉහත මැතිවරණයේදී සරත් මනමේන්ද්‍ර ප්‍රකාශ කරේ හිරුනිකා බිකිනියකින් සැරසී ඡායාරූපවල පෙනී සිටීම නිසා මැතිවරණයට පෙනී සිටීම නිසා නුසුදුසු බවයි.
 
සමනලී ෆොන්සේකා සම්බන්ධයෙන් අපහාසාත්මක පුවතක් පල කළ මෙම වෙබ් අඩවිය මීට පෙර හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් වූ පුවත් වාර්තා කරන ලද්දේද මෙලෙස ඉතා පහත් ආකාරයෙන්මය. එමෙන්ම් පසුගියදා ආණ්ඩුවේ ඇමැතිවරයෙම් විසින් කරන ලද ප්‍රකාශයක් විකෘති කරමින් මෛත්‍රීපාල සිරිසේන මහත තමගේ දුව දූෂණය කරල ලද බවද සටහන් කළේය.
 
මෙලෙස විකෘති මානසිකත්වයකින් පෙළෙන මෙම වෙබ් අඩවියේ ලියන්නෝ කල්පන කරන්නේ ගැහැනියකට ලිංගික වද හිංසා පැමිණ වීම තමන්ගේ ලොකු පිරිමි කමක් ලෙසය.
 
එහෙත් අපගේ වැටහීම නම් මෙම පුද්ගලයෝ පිරිමින් විය නොහැක. තමන්ගේ පැවැත්මේ අනෙකා වන ගැහැනියට මෙලෙස අපහාස කිරීමට පිරිමින්ට කළ නොහැක. පිරිමින් තුල ගැහැනිය සම්බන්ධයෙන් තිබිය හැක්කේ ගෞරවය, ආදරය හා කැමැත්ත පමණි. එම නිසා නියත ලෙසම මේ වෙනයම් රෝගාබාධයකින් හෝ පිරිමිත් නොවන ගැහැනුත් නොවන එනම් අනෙකකු නොමැති ශරීර කූඩු සහිත වුන්ය. සමාජ භාවිතයේදී මොවුන්ට කියන්නේ පොන්නයින් කියාය.
 
මේ පිරිමි යැයි සිතාගෙන සිටින වුන් අතින් කෙරෙන ප්‍රකාශ හරහා ගම්‍ය වන්නේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයයි. වත්මන් පාලනයෙහි ඊට ඇති කැමැත්තයි.
 
මේ පාලන සමය තුල තරම් කාන්තාවන්ට හා දරු දැරියට එරෙහිව ලිංගික අඩත්තේට්ටම් සිදූ වූ කාලයක් මෙරට තිබුණේ නැත. දිනකට කාන්තාවන් හත අටක්, දරුදැරියන් දහයක් දොලහක් ලිංගික වද හිංසා වලට ගොදුරුවන බව නිල වශයෙන් නිකුත්ව තිබෙන සංඛ්‍යා ලේඛනවලින්ම පැහැදිලි වේ. එමෙන්ම කාන්තාවන්ට ලිංගික බලහත්කාරකම් කළ අපයෝජනයට ලක්කළ ආණ්ඩු පාර්ශ්වයේ මහජන නියෝජිතයන් හැටකට ආසන්න පිරිසක් සිටින බවද වාර්තා වී තිබේ. ඒ අතර අකුරැස්ස ප්‍රදේශීය සභාවේ සභාපති සාරුව සුනිල් නැමැත්තා තමන් විසින් කාන්තාවන් දෙසීයක් දූෂණය කළ බව ප්‍රසිද්ධියේම කියය.
 
තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති සමන් චන්ද්‍ර පුෂ්ප කුමාර විදේශීය කාන්තාවක් අපයෝජනය කර ඇගේ පෙම්වතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිර ගතව සිටී.
 
ගැහැනියකට එල්ල කළ හැකි බරපතලම අපහසත්මකම ප්‍රකාශය වන්නේ අගේ නිරුවත හෝ ලිංගිකත්වය ආශ්‍රිත කාරණා යොදාගෙන අසත්‍ය ප්‍රකාශ කිරීම හෝ චෝදනා එල්ල කිරීමයි. වත්මන් පාලනය ඒ වෙනුවෙන් පෙනී සිටීන බවට හොඳම සාක්ෂිය මේ ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වගෙන යන වෙබ් අඩවියක් මඟින් කළ අපහාසයම පමණක් නොවේ, ආණ්ඩුවේ කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිවරයාම මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙරට කාන්තාවන්ට අපහාසාත්මකව කතා කළේය.
 
මෙයින් නැවත නැවතත් හෙළිදරව් වන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ පිරිමින්ට කාන්තාවන් පිළිබඳ පවතින නරුම වෛරී ගෝත්‍රික ආකල්පයයි.
 
මෙයට පක්ෂ පාට හෝ ලිංග බේදයකින් තොරව විරුද්ධවීම මෙරට යහපාලනයක් පතන වගකීමක් සහිත පුරවැසි සැමගේ යුතුකමවියයුතු බව අපගේ හැඟීමය.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us