phone එක වතුරට වැටුනොත්......? (video)

Published in අනං මනං
Friday, 23 January 2015 10:04

ඔබගේ ජංගම දුරකථනය ජලයට වැටීමෙන් සිදු විය හැකි හානි අවම කර ගැනීමට නිවසේ දී ගත හැකි පහසු පියවර කිහිපයක් පිළිබඳ දැනුවත්ව සිටීම වැදගත්.

බොහෝ විට තමන්ගේ දුරකථන අංක ලැයිස්තු, ඡායාරූප එකතු, වීඩියෝ දර්ශන වැනි වටිනා දත්ත සියල්ල ගබඩා වී ඇත්තේ තමන්ගේ දුරකථනයටයි.

සෑම විටම තමන්ගේ අතේ, සාක්කුවේ හෝ බෑගයේ තිබෙන ජංගම දුරකථනයට සිදු විය හැකි අනතුරු ප්‍රමාණය ඉතා ඉහලයි. ඉන් එක් හානිකර අනතුරක් වන්නේ ජංගම දුරකථනය තුළට ජලය ඇතුල් වීමයි.
එවැනි අවස්ථාවක ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයකි. පළමුවැන්න ස්වාභාවික දැනීමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවයි, හැකි ඉක්මනින් ජංගම දුරකථනය ජලයෙන් ඉවතට ගැනීම.

දෙවනුව වියළි රෙදි කඩකින් හෝ අත් පිස්නාවකින් ජංගම දුරකතනයේ තෙත මාත්තු කළ යුතු අතර මතුපිට ජලය පිස දැමීමෙන් පසු බැටරිය සහ සිම් කාඩ්පත ඉවත් කොට ජලය පිස දැමිය යුතු වේ.

හැකි පමණ පිස දැමීම මගින් ඇතුල් වූ ජලය ඉවත් කිරීමට උත්සාහ දැරීම වැදගත් වේ.

මීළඟට දුරකථනයේ කොටස් එකට සවි කර එය ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට දුරකථනය පණ ගන්වා බැලීමට උත්සාහ දැරීම සාමාන්‍යය භාවිතයයි.

එය දුරකතනයට හානිකර විය හැකි අතර තවමත් ඇතුළත කොටස් වල ඉතිරි වී ඇති ජලය හේතුවෙන් ජංගම දුරකතනයේ පරිපථය ලුහුවත් (short circuit) විය හැක.
එබැවින් ක්ෂණිකව දුරකථනය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.

අවසාන පියවර වශයෙන් සහල් බහාළු බඳුනක් තුළ තැබීම, රෙදි කඩකින් ආවරණය කොට හිරු රශ්මිය ලැබෙන ස්ථානයක තැබීම හෝ තෙතමනය උරා ගන්නා වෙනත් ද්‍රව්‍යක බහා තැබීම කළ හැකියි.

හිරු රශ්මිය ලැබෙන ස්ථානයක තැබීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ අධික කාලයක් හිරු රශ්මියට දුරකතනය අනාවරණය කිරීමෙන් වැළකි සිටීමයි.

ඉතා අධික උෂ්ණත්වය ජංගම දුරකථන වල තිරයට (ස්ක්‍රීන්) හානි දායක වීමට ඉඩ තිබේ.

බොහෝ දුරකථන අලුත්වැඩියා කරන ආයතන විසින් නිර්දේශිත උපදෙස් වන්නේ ඉහතින් සඳහන් පියවර කිහිපයයි.

එම පියවර ගැනීමෙන් පසු ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හැකි අතර ප්‍රතිඵලය තීරණය වන්නේ ඔබගේ දුරකතනයේ වර්ගය සහ එය තුළට කොතරම් ජලය ඇතුළු වුවාද යන්න මතයි.

(bbc)

Last modified on Friday, 23 January 2015 10:06

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us