කරන්ට් නොවදින තරුණයෙක්

Published in අනං මනං
Saturday, 24 January 2015 13:46

අති ප‍්‍රබල විදුලි ධාරාවක් සිරුර හරහා ගමන් කළද කිසිදු හානියක් හෝ ආපදාවක් හෝ සිදුනොවන තරුණයෙක් ඉන්දියාවේ සිටී.

දීපක් ජන්ග්රා නම් වන මේ තරුණයා 16 හැවිරිදිය.සාමාන්‍ය පුද්ගලයෙකුට ක්ෂණික මරණයක් අත්කරදෙනු ඇති විදුලි ධාරාවක් ගෙන යන රැහැනක් තම දිවේ,ඇගේ තබා ගැනීම ඔහුට සෙල්ලමක් වැනිය.රැහැන ඔහුගේ ඇගෙහි ගැටෙන තැනින් ගිණි පුපුරු පැන්නද පිළිස්සුමක් හැරෙන්නට දීපක්ට වෙනත් කිසිදු හානියක් සිදු නොවේ.

ඔහුගේ මේ අරුම පුදුම හැකියාව ගැන දීපක් දැනගෙන ඇත්තේද අහම්බෙනි.දිනක් නිවසේ විදුලි ස්ති‍්‍රක්කය අලූත්වැඩියා කිරීමට ගොස් තිබෙන ඔහු නිරාවරණයව තිබූ වයරයක් අත්වැරදීමකින් ස්පර්ෂ කර ඇත.කිසිත් නොදැනුනු හෙයින් ඔහු සිතා ඇත්තේ නිවසේ විදුලිය බිද වැටී ඇති බවයි.

දෙවැනි අවස්ථාවේදී ඔහු නිවසේ තැටි ධාවක යන්ත‍්‍රය අලූත්වැඩියා කිරීමට ගොස් තිබේ.එහිදීද ඔහුගේ අත සජීවී විදුලි රැහැනක වැදී තිබෙන අතර කිසිත් නොදැනුනු තැන දීපක් පිටතට විත් විදුලිය බිද වැටී ඇත්දැයි බලා ඇත.නිවසට විදුලිය සාමාන්‍ය පරිදි සපයා තිබෙනු දැක විමතියට පත් වුනු ඔහු නැවත වරක් තැටි ධාවක යන්ත‍්‍රයේ වයරය අල්ලා බලා ඇත.කෙතරම් අල්ලා බැලූවද කිසිත් නොදැනෙන තැන තමන්ගේ කිසියම් විශේෂත්වයක් ඇති බව ඔහු දැනගෙන ඇත.

තම වාසනාව උරගා බැලීමට දීපක් ඊළගට තෝරාගත්තේ අධි බල විදුලි රැහැනකි.එහි වූ වෝල්ට් 11000 ක ප‍්‍රබලතාවයකින් යුතුවූ විදුලි ධාරාවෙන් පවා දීපක්ට පිළිස්සුම් තුවාළයක් හැරෙන්නට කිසිදු හානියක් සිදුනොවීය.

ඉංජිනේරුවන් කියන්නේ වෝල්ට් 11000 ක් යනු ආසන්නයේ සිටින පුද්ගලයෙකු ඇද ගැනීමට තරම් ප‍්‍රබල විදුලි ධාරාවක් බවයි.එයින් දීපක්ට කිසිදු හානියක් සිදුනොවීම ඇත්තෙන්ම පුදුම සහගත බව ඔවුන් පවසයි.

මේ අරුම හැකියාව නිසාම දීපක් ඔහුගේ ගම් ප‍්‍රදේශයේ ඉතා ජනපි‍්‍රය වී සිටී.තම අසල්වාසීන්ගේ විදුලි උපකරණ අලූත්වැඩියා කර දීමේ රාජකාරියද දැන් භාරගෙන සිටින්නේ ඔහුය.

දීපක්ගේ මව තම පුත‍්‍රයාගේ වැඩකටයුතු ගැන වැඩි මනාපයක් නැතත් ඔහු ගැන ආඩම්බර වන බව කියන්නීය.

ඉහළට ඉගෙන ගැනීමේ දැඩි වුවමනාවක් සිටින දීපක්  කවදා හෝ විදුලි බල මණ්ඩලයේ විධායක නිළධාරියෙකු වීමට සිහින මවයි .

india-deepak1

india-deepak2

-lankadeepa-

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us