කසාද 2ක් බැඳලා ළමයින් 3කුත් හදලා ගැහැනියක වුණු මිනිසා

Published in අනං මනං
Sunday, 25 January 2015 10:15

පසුගිය සතියේ බොක්ෂිං ලෝකයම පුදුමයෙන් පුදුමයට පත් වූයේ ප්‍රකට බොක්ෂිං කළමනාකරුවකු හා සටන් පුහුණුකරුවකු වන ෆ්‍රෑන්ක් මැලොනි (Frank Maloney)  කළ හෙළිදරව් කිරීමකිනි.

බොරු කොණ්ඩකින් සැරසී දෙතොල්වල ලිෆ්ස්ටික් තවරා ගැහැනියක සේ ඇඳුම් හැඳ අඩි උස සපත්තු පැලඳ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි ෆ්‍රෑන්ක් මැලොනි කියා සිටියේ තමා ලිංග විපර්යාසයකට මුහුණ දෙමින් සිටින බවයි. එහෙයින් තමාට කෙලී යනුවෙන් අමතන ලෙස ෆ්‍රෑන්ක් මැලොනි ඉල්ලා සිටියේය.

ෆ්‍රෑන්ක් මැලොනි ඉකුත් වසරේ ඔක්තෝබරයේදී බොක්සිං කළමනාකරුවකු ලෙස කරමින් සිටි රැකියාවෙන් ඉවත් වූයේ ක්‍රීඩාව කෙරෙහි ඇති කැමැත්ත බිඳ වැටෙමින් පවතින බව කියමිනි.
කෙසේ වුවද හෙළිදරව් වූ කරුණු අනුව මේ වන විට වසරකට අධික කාලයක් තිස්සේ ෆ්‍රෑන්ක් මැලොනි ලිංග විපර්යාසයට මුහුණ දෙමින් සිටී. එදා මෙදාතුර ෆ්‍රෑන්ක් මැලොනි කෙමෙන් කෙලී බවට පත් වූවා පමණක් නොව නව ලිංගික වෙනස සමඟ ජීවත් වීමටද පුරුදු පුහුණු වෙමින් සිටී.

බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුව පුරුෂයකු ලිංග විපර්යාසයක් සඳහා නිවැරැදි කිරීමේ සැත්කම සිදුකිරීමට පළමුව කාන්තාවක වශයෙන් වසර දෙකක් දිවි ගෙවිය යුතු වේ.


මේ වන විට සංක්‍රාන්ති සමයේ පසුවන කෙලී රහසිගත හෝර්මෝන ප්‍රතිකාර ලබමින් පැය ගණන් පිරිමි සමේ වූ ලෝම ඉවත් කිරීමට ගතකොට ඇති අතර ගැහැනු කට හඬ පුහුණු කිරීමේ සැසිවලට මෙන්ම උපදේශාත්මක වැඩසටහන්වලටද සහභාගි වී තිබේ.

බොක්සිං කළමනාකරු ෆ්‍රෑන්ක් මැලොනි දෙවතාවක් විවාහ වී බිරියන් දෙදෙනාගෙන් දියණියන් තිදෙනකුද ලැබූවෙකි. එහෙත් දැන් කියා සිටින්නේ තමා නිවැරැදි සිරුරේ ඉපදී නොමැත බවයි. 'මා ස්ත්‍රියක බව මා හැම විටම අවබෝධ කරගෙන සිටියා' යැයි කෙලී කියයි.

'තවදුරටත් එම පීඩාව දරාගෙන සිටියොත් එය මා මරා දමන්න තිබුණා. කැමැති කෙනා වෙන්න, ස්ත්‍රියක සේ අඳින්න මට හැමදාම ඕනෙකම තිබුණා. හිතලා බලලා මේ තීරණය ගත්තේ නැතිනම් මට ස්ත්‍රියක ලෙස අඳින්න වෙන්නෙ නැහැ. නමුත් ඒක මට ඉතා දැඩි ඕන කමක් වුණා.'


මේ පීඩනය තවදුරටත් දරා සිටිය නොහැකි වූ දිනෙක ෆ්‍රෑන්ක් මැලොනි සිය බිරිය ඉදිරිපිට ඇත්ත ප්‍රකාශ කෙළේ ඉන් විය හැකි පල විපාක නොදැන නොවේ. ෆ්‍රෑන්ක් මැලොනි 47 හැවිරිදි වියේ සිටි ඔහුගේ දෙවැනි බිරිය ට්‍රේසි අමතා 'මං ඔයාට යමක් කිව යුතුයි. මේ ජීවිතේ මා හැමදාම ගෙව්වේ බොරුවක්. ඇත්තටම මගේ හිතෙන් මං ගැහැනියක්' යැයි කීවේය. බිරියගේ මුහුණ වෙනස් වූ ආකාරයෙන්ම විවාහය එතැනින්ම නිමා වූ බව දැනගත් මැලොනි උඩ තට්ටුවේ පිහිටි කාමරයට ගියේ හඬා ගෙනය.

තමා බිරිය සමඟ වූ සබඳතාව නිමා කිරීමට අකැමැති වුවද එය ස්ත්‍රියක ලෙස ගෙවන නව දිවිය සඳහා තැබිය යුතු වූ හා අත්‍යවශ්‍යම මුල් පියවර වූ බව ඔහු කියයි.

(mawbima)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us