දේශපාලන අනාථයන් ලංකාවට පිටුවහල් කිරීම ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ තවත් 'ලජ්ජා සහගත' වැඩක්

Friday, 20 February 2015 15:49

දේශපාලන රැකවරණ පතා පැමිණ පිටුවහල් කැරුණු සිව් දෙනකු ශ්‍රී ලංකාවේ යුද බලධාරීන්ට බාරදුන් ඕස්ට්‍රේලියානු රජය, එරට මානව හිමිකම් සංවිධානක දැඩි දොෂ දර්ශනයට ලක්වී තිබේ. යාත්‍රාවකින් යද්දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කොකෝස් දිවයින අසළ මහ මුහුදේ දී මේ මස මුල් භාගයේ අත්අඩංගුවට ගන්නා ලද මොවුන්, කඩිමුඩියේ ආපසු යැවීමෙන් හිරගත කිරීමේ හා වද හිංසාවන්ට ලක්වීමේ අවදානමට මුහුණපාන බව මෙල්බර්න් නුවර මූලස්ථානය කොටගත් දෙමළ සරණාගත සභාව පවසයි.

මුහුද මැදදී භාරදෙයි

එම සංවිධානයේ කැඳවුම්කරු ට්‍රෙවර් ග්‍රාන්ට් විසින් මෙම පිටුවහල් කිරීම හඳුන්වන ලද්දේ ‘දයා විරහිත ඕස්ට්‍රේලියානු රජයක් විසින් කරන ලද තවත් ලජ්ජා සහගත වැඩක්’ ලෙසිනි.

රැකවරණ සොයා ආ සිව් දෙනා මහ මුහුද මැදදී ම ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත භාරදෙන ලද බව ආගමන කටයුතු බාර ඕස්ට්‍රේලියානු අමාත්‍ය පිට්ර් ඩටන් පවසා තිබේ. ආගමන දෙපාර්තමේන්තුව විසින් පිටුවහල් තීරණයට එළැඹ තිබෙන්නේ සාගර සීමාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් ප්‍රශ්න කොට ලබාගත් තොරතුරු අනුවය.

අයුක්ති සහගත ක්‍රමයක්

trevor grant speaks

කෙසේ වෙතත්, දේශපාලන රැකවරණ පතා එන පුද්ගලයන් වද හිංසාවන්ට ලක්වීමේ රටවලට හරවා යැවීම ජාත්‍යන්තර නීතිය මෙන්ම ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් රෙගුලාසි ද උල්ලංඝනය කිරීමකි. ඕස්ට්‍රේලියානු කඩිනම් පරීක්ෂණ ක්‍රමවේදය 'දේශපාලන රැකවල් පතා එන්නන් සඳහා වන යුක්ති සහගත ක්‍රමවේදයක් නොවන බව' එරට මානව හිමිකම් කොමිසම විසින් පෙන්වා දී තිබේ. දේශපාලන රැකවරණ පැතීම සහ නීතිමය සහාය ලැබීම සඳහා අයිතියක් ඇති බව එම ක්‍රමවේදයට මුහුණ දෙන පුද්ගලයන්ට කියා නොදීම ඇතුළු මානව හිමිකම් අහිමි කිරීම් ගණනාවක්ම එහිදී සිදුවන බව කොමිසම පවසයි.

දෙමළ සරණාගත සභාව පවසන්නේ ප්‍රශ්න කිරීම සිදුවන්නේ චන්ද්‍රිකා දුරකථන මාර්ගයෙන් බවයි. පසුගිය මාසයේ එසේ ප්‍රශ්න කරනු ලැබූ අයකු අත වූ දුරකථනය 'දහ පහළොස් වතාවක්' බිම වැටීම නිසා ඕස්ට්‍රේලියානු නිලධාරීන් කී දේ පැහැදිළිව අසාගැනීමට නොහැකි වී ඇති බවද ට්‍රෙවර් ග්‍රාන්ට් පවසයි. ශ්‍රී ලංකාවට යවනු ලැබීමෙන් අනතුරුව වද හිංසාවට බඳුන් වීමේ අනතුරට බියේ දෙමළ ජාතිකයෝ තිදෙනෙක් මෙල්බර්න් හා සිඩ්නි නගරවල මහමග ගිනිතිබාගත් බව ඔහු සිහිපත් කරයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට මෛත්‍රීපාල සිරිසේන අලුතින් පත්වූවත් ඔහු 'මේ දැනෙන වෙනසක් ගෙන එන්නේ නැති බව' පෙන්වාදෙන දෙමළ සරණාගත සභාවේ කැඳවුම්කරු කියා සිටියේ උතුරේ රඳවා සිටින යුද හමුදාවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්, ජනාධිපති සිරිසේන විසින් ඉවත් නොකිරීමම දෙමළ ජනයාගේ බිය වටහා ගැනීමට ප්‍රමාණවත් හේතු සපයන බවයි.☐

© JDS

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us