නැපෝලියන් බොනපාට්ගේ හිසෙන් පිටසක්වල මයික්‍රෝ චිපයක් සොයාගෙන

Published in අනං මනං
Monday, 02 March 2015 13:21

ඉතිහාසයේදී ලෝකය වෙනස් කරන්න දායක වෙච්ච මිනිස්සු ඕනෑතරම් අපිට හමු වෙනවා. වෙලාවකට ඔවුන්ගේ නිර්භීත කම විචක්ෂණ ශීලී බව ඇත්තටම පුදුමාකාරයි. නැපෝලියන් බොනපාට් කියන්නෙත් ඒ ආකාරයට ලෝකය වෙනස් කරන්න දායක වී ඉතිහාසගත වූ පුද්ගලයෙක්.

2012 වර්ෂයේදී නැපෝලියන් බොනපාට්ගේ හිස්කබල පරීක්ෂා කළ විද්‍යාඥයන්ට අමුතු ආකාරයේ සොයාගැනීමක් සිදු කරනවා. අපි බොහෝදෙනෙක් දන්නා පරිදි නැපෝලියන් කුඩා සිරුරක් හිමි අයෙක්. මේ කණ්ඩායමේ වෛද්‍යවරයෙකු ලෙස සිටි අන්ද්‍රේ පරික්ෂා කරමින් සිටියේ නැපෝලියන් බොන්පට්ගේ කුඩා බවට හේතුව පිටිටියුරි ග්‍රන්ථියේ අබාධයක්ද කියන වගයි.

එතනදී ඔහුට දකින්න ලැබිලා තිබුනේ හිස් කබලේ කුඩා ඉලිප්පිමක්. ලංකර පරික්ෂා කිරීමේදී ඔහුට ඉතා කුඩා අස්ථි වලට එබුනු චිපයක් දකින්න ලැබිලා. පරික්ෂණයන් වලදී අනාවරණ වී තිබෙන්නේ මේ චිපය නැපෝලියන් කුඩා කාලයේදීම හිස් කබල තුලට ඇතුළු කර ඇති බවයි. මේ චිපය පරික්ෂා කර විද්‍යාඥයන් පවසන්නෙ මෙවැනි තාක්ෂණයක් අතීතයේදී හෝ වර්තමානයේ නොපවතින බවයි. ඔවුන්ගේ මතය වෙන්නෙ මෙය පිටසක්වළ බලපෑමක් මත සිදුවුවක් බවයි.

napoliyan-chip2

නැපෝලියන් 1974 වසරේදී වයස අවුරුදු 25දී පමණ දින කීපයකට අතුරුදන් වෙනවා. මේ අතුරුදන්වීම ගැන පැහැදිලි කරන නැපෝලියන් පවසන්නෙ කුමන්ත්‍රණයක් හේතුවෙන් තමන් දින කීපයක් සිරගතව සිටි බවයි. නමුත් ඒ ආකාරයේ සිරගත කිරීමක් පිළිබඳ අනාවරණය වෙන්නෙත් නෑ.

පුදුම සහගත කරුණ වන්නේ එම අතුරුදන් වීමෙන් පස්සෙ ඔහුගේ බලය අසීමිත ලෙස වැඩිවෙනවා. ඔහු යුරෝපයේ තමන්ට එරෙහිව ගොඩ නැගුනු සියලු බලවේග පරාජය කරමින් 1804දී ප්‍රංශඅධිරාජ්‍යයා බවටත් පත් වෙනවා.

එකළ ඔහු භාවිතා කළ යුධ උපක්‍රම කිසිවෙකු භාවිතා නොකළ ඒවායි. විද්‍යාඥයන් උපකල්පනය කරන ආකාරයට මේ ආකාරයට ඔහුගේ දක්ෂතාවය වැඩි දියුණු වීමේ රහස මේ චිපයයි. ඔවුන්ගේ මතය වන්නේ මේ චිප් එක හරහා මොලයේ සිට හදවත දක්වා විදුලි පණිවිඩයක් යැවීමේ හැකියාවක් තිබෙන්නට ඇති බවයි. ඒ නිසා තමයි නැපෝලියන් බොහෝ වෙලාවට පපුවට අත තබාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන්නෙ.

කෙසේවතත් මෙය සත්‍යක් නම් පිටසක්වල ජීවින් පෘතුවි වාසීන්ගේ ඉතිහාසය වෙනස් කිරීමට දායක වූ බව සහ අනාගතයේදීත් දායක විය හැකි බව අනාවරණය වෙනවා. එහෙත් මේ ආකාරයට මිනිස් ක්‍රියාකාරිත්වයන්ට ඔවුන් කුමක් නිසා මැදිහත් වුවාදැයි ඇත්තටම පවතින ප්‍රශ්නයක්.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us