මහින්දගේ අතේ අමාරුව Featured

Published in අනං මනං
Friday, 13 March 2015 13:18

හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ ගේ ජෝතිෂ්‍යවේදියා ලෙස ලොව පතල සුමනදාස උන්නැහේ ඊයේ අයිටීඑන් රූපවාහිනියට ඇවිත් කීවේ මහින්ද අතේ තියාගෙන මිරික මිරික සිටි ගැජමැටික් එක මැජික් එකක් නොවන බවය. ඒක අතේ එක්සයිස් එකට මිරිකන්න තියාගෙන හිටපු එකක් බවය. එයින් 10 ක්ම තිබුණු බවත් ඔහු කීවේය. නාමල් බේබිටත් එයින් පොඩි එකක් තිබුණු බවත් කිවේය.

මේ කියන හැටියට නම් මහින්ද රාජපක්ෂට ලොකු අතේ අමාරුවක් තිබී ඇත. නිතර නිතර අවුරුදු ගානක් තිස්සේ මිරික මිරිකා සිටිමේ මොකක් හෝ බරපතල ලෙඩක් බව හැහැදිලිය. එපමණක් නොව ඒ පරම්පරාවෙන් පරම්පරාවට යන ජාන ගත ලෙඩක් බවටද සැකයක් නැත. ඩී ඒ රාජපක්ෂ ටත් එවැනි අතේ මාරුවක් තිබුණාද කියා පරණ වාර්තා සොයා ගැනීම ඔළුවේ අමාරුවට වගේ කරන්න පුලුවන් වැඩක් වේ.

කෙසේ නමුත් මහින්දගේ අතේ අමාරුව තමුන්ගේ දෛවය තීරණය කරන තරම් ලොකු සංසිද්ධියක් වනු ඇතැයි මිනිහාටවත් හිතන්නෙ නැතුව ඇති.

කොහොම නමුත් මහින්ද මිරික මිරික හිටපු ගැජමැටික් එකට කියන්නේ 'වජ්‍රය' කියල බව ඒ ගැන දන්නා උදවිය කියති

"...වජ්‍රය දෙවියන්ගේ ආයුධයකි. වජ්‍රය කිසිවිටෙකත් නරක යටපත් කිරීමට මිස තම සිතෙහි ඇති නරක සිතිවිල්ලක් ඉස්මතු කරගැනීමට ඉඩ නොදේ. තම ප්‍රයත්නය, අදහස නිර්මල නම් එය මුදුන් පමුණුවාගැනීමට අවශ්‍ය ශක්තිය වජ්‍රය තුළින් ගැලීම තුළ එම අදහස මුදුන් පමුණුවා ගැනීමට විශාල ආධාරයක් වේ. නමුත් තම අදහස් අපවිත්‍ර නම් වජ්‍රය තුළින් ගලන නිර්මල ශක්තිය සමඟ කිසි විටකත් පෑහෙන්නේ නැත.

එසේ වූ කල එම ශක්ති ගලනය තමා අවුල්සහගත තත්ත්වයකට ඇද දමයි. ධර්මයේ හැසිරෙන ජන නායකයකුට වජ්‍රයේ ශක්තිය අපමණය. මන්ද වජ්‍රය ධර්මය සමාජය තුළ රැකගැනීමට මහත්සේ ලෝක ඉතිහාසයේද භාවිත කෙරුණක් බව ඉන්ද්‍ර දෙවිඳුන්, ධර්මය වනසන අසුරයන් විනාශ කිරීමට භාවිත කළ අවිය ලෙස කියැවෙන නිදසුන් ඇති බැවිනි.

දැළිපිහිය ඇත්තේ කිරි කෑමට නොව රැවුල බෑමටය. හැන්ද කිරිකෑමට භාවිත කළ හැකි නමුත් හැන්දෙන් රැවුල කැපීම සිදු කළ නොහැකිය. මෙය අප තෝරා බේරා ගත යුතුය. තමුන්ගේ අභිප්‍රාය නිර්මල නම් වජ්‍රය නිසැක ප්‍රතිඵල ගෙන දෙනු නිසැකය. එසේනම් වජ්‍රය මඟින් තමුන් වෙත එල්ලවන සියලු අසුබවාදී බලපෑම් මැඬපවත්වා එය දරන්නා ඉස්මතු කරවීම සිදු කරයි. නමුත් වජ්‍රය දරන්නාද අසුබවාදී අදහස් පාපතර අදහස් දරයිනම් වජ්‍රය එම අදහස් සේම එම අදහස් ඉපදෙන මූලයද විනාශ කර දැමීමට උපකාරී වේ..."

ඉතිං මහින්ද පැරදුනේ මේ අතේ අමාරුව නිසා බව පැහැදිලිය.

දැන් පැරදුන මහින්ද මේ වජ්‍ර ගැජමැටිකය තවමත් මිරිකනවා නම් ඔහු දැන් කළ යුත්තේ පිනක් දහමක් කරගෙන පැත්තකට වී මෛත්‍රී බවුන් වැඩීමය.

එය හිතේ අමාරුවටත් හොඳය.


- විලාසිනී

Last modified on Saturday, 14 March 2015 16:08

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us