ස්වප්නා නිළියගෙන් ප්‍රධාන නළුවාට ප්‍රහාරයක්

Published in අනං මනං
Friday, 13 March 2015 15:56

'ස්වප්නා' කියන්නෙ මේ දිනවල සිරස ටීවී නාලිකාව ඔස්සේ  තිරගතවන ඉතා ජනප්‍රිය හින්දි ටෙලි නාට්‍යක්. ලංකාවෙ නම 'ස්වප්නා' උනාට ඉන්දියාවේ තිරගත වෙන්නෙ Diya Aur Baati Hum යන නමින්.

මේ ටෙලි නාට්‍ය නරඹන බොහෝදෙනෙක් සුරාජ් සහ ස්වප්නාට බොහෝ සේ ඇළුම් කරනවා. ඒ ඔවුන් දෙදෙනා දක්වන ප්‍රේමණීය රංගනය හේතුවෙන්.

නමුත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට තිරෙන් එපිට මේ දෙදෙනාගේ සම්බන්ධතාවය ටෙලි නාට්‍යයේ දැක්වෙන ප්‍රේමණීය රංගනයට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඉන්දියා ටුඩේ සඟරාවට අනුව ස්වප්නා ටෙලි නාට්‍යයේ නිලි දීපිකා සිං රූගත කිරීමක් අතරතුර ඇති වූ සිදුවීමකදී එහි ප්‍රධාන නළුවා වන අනාස් රෂිඩ්ට පහර දීලා.

 දීපිකා රූගත කිරීමක් අතරතුරදී තමන්ව අනාස් විසින් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමක් පිළිබඳ තමන්ගේ සැමියා වන Diya Aur Baati Hum ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක රෝහිත් රාජ්ට පැහැදිලි කරමින් ඉඳලා. ඒ අවස්ථාවේ එතැනට පැමිණි අනාස් ඒ සිද්ධිය පිළිබඳ තමන්ගේ මතය කියන්න උත්සාහ කරපු අවස්ථාවේ තමයි දීපිකාගෙන් මේ කම්බුල් පහර  එල්ල වෙලා තියෙන්නෙ.

මේ දෙදෙනා අතර වසරක පමණ කාලයක් සිට විවිධ අමනාපකම් පවතින බව පැවසේ.

Last modified on Friday, 13 March 2015 16:02

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us