දිවි නසාගැනීම් වළක්වන app එකක්

Published in අනං මනං
Saturday, 14 March 2015 09:46

දිවි නසා ගැනීමට පෙලඹිය හැකි ළමුන් ගැන කල් තියා හඳුනා ගෙන දෙමාපියන්ට අනතුරු ඇඟවීම සඳහා ස්මාට් ෆෝන් ඇප්ලිකේෂන් (Smart Phone App) භාවිතා කිරීමට දකුණු කොරියාව අනුමැතිය ලබා දී තිබේ.

මෙම app ය නිර්මාණය කර තිබෙන්නේ එරට අධ්‍යාපන අමාත්‍යංශය මගිනි. ළමුන් දිවි නසා ගැනීම අතින් වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ දකුණු කොරියාවෙනි.

බොහෝ විට දකුණු කොරියානු පාසල් ළමුන් දිවි නසා ගන්නේ අධ්‍යාපනයේදී පවතින තරඟකාරීත්වය දරා ගත නොහැකි පීඩනයක් බවට පත් වීම නිසයි.

මෙයට පිළියමක් වශයෙන් දිවි නසා ගැනීමේ අවදානමක් සහිත ළමුන් හඳුනා ගැනීමට හැකි වන ආකාරයේ ස්මාට් ෆෝන් ඇප්ලිකේෂනයක් (Smart Phone App) නිර්මාණය කර තිබේ.

ළමුන් විසින් යවනු ලබන කෙටි පණිවිඩවල ස්වභාවය ස්වයංක්‍රීයව මේ මගින් විශ්ලේෂණය කෙරෙන අතර අනතුරක සේයාවක් ඇත්නම් එය හඳුනා ගැනෙයි.

ඉන් අනතුරුව මේ බව දෙමාපියන්ට සැල කර සිටින හෙයින් දිවි නසා ගැනීම් අවම කර ගත හැකි බව දකුණු කොරියානු බලධාරීන් විශ්වාස කරයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us