මම මුස්‌ලිම් නෙවෙයි අදේවවාදියෙක්‌

Published in අනං මනං
Monday, 23 March 2015 11:01

මම මුස්‌ලිම් නොවෙයි ඇත්තටම මට ආගමක්‌ නැහැ. මම අදේවවාදීයෑයි ප්‍රකට බංගලාදේශ ලේඛිකා තස්‌ලිම් නස්‌රීන් ප්‍රකාශ කර ඇත.

හින්දු පුවත්පතක්‌ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් ඇය මේ කරුණු ප්‍රකාශ කර තිබේ.

තස්‌ලිමා නස්‌රීන් 1994 වසරේ අන්තවාදීන්ගේ බලපෑම් හේතුවෙන් බංගලාදේශයෙන් පිටවූ අතර දැනට ඉන්දියාවේ නවදිල්ලි නුවර වාසය කරයි.

පහුගිය කාලවකවානුව තුල බංගලාදේශය තුල නිදහස් මතධාරී බුද්ධිමතුන් රැසකට අන්තවාදී ප්‍රහාරවලින් මිය යාමට සහ රට හැරයාමට සිදුවිය. තස්ලිම නස්රීන්ද ඒ අතරින් කෙනෙකි. 2013 වසරේදී එරට අදේවවාදී ලේඛකයෙක් වූ අහමඩ් රජිබ් හේදර් සහ පසුගිය පෙබරවාරි මාසයේ අවිජිත් රෝයි නම් තවත් ලේඛකයෙක් මරා දමන ලදී.

ඇය පවසන පරිදි 1980 වසරේ මැද බාගයේදී අනාගමික ව්‍යවස්ථාව අතහැර ඉස්ලාමිය ආගම රාජ්‍ය ආගමබවට පත්කිරීමෙන් පසු ඇරඹුණු ප්‍රකාශනයේ නිදහස ඇහිරී යාම වර්තමානය වනවිට තවත් වැඩිදියුණු වී ඇත.

බංගලාදේශයේ බිහිවීමේ අරමුණ වන්නේ අනාගමික එනම් හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි සහ බෞද්ධ යන සියලු ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම බවත් 1971 දී ඒ වෙනුවෙන් මිලියන තුනක පමණ ජනතාවක් පකිස්ථාන හමුදාව විසින් මරාදැමුණු බවත් ත්සලිමා පවසයි . මේ නිසා පකිස්ථානය ආගම මූලික කරගත් රටක් බවට පත්වුවත් බංගලාදේශයට එසේවිය නොහැකි බව ඇගේ අදහසයි.

එසේම රටක නීති සකස් විය යුත්තේ සමානාත්මතාවය ආරක්ෂා කිරීමට මිස ආගමට අනුව නොවන බවත් ආගම ගැහැණිය පිඩාවට පත්කරන බව සහ ගැහැණියට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බවත් ඇගේ අදහසයි. එසේම මේ මොහොතේ සෑම ශිෂ්ට රටක්ම ආගම සහ රාජ්‍ය අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳ ප්‍රශ්න කලයුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us