ආප්පයක් කාලා, කොත්තමල්ලි වීදුරුවක් බොමු ! Featured

Tuesday, 24 March 2015 13:36

මහින්දට සහය දෙනු ඇතැයි සිතා සිටි හොර තක්කඩියන් පිරිසක් මෛත්‍රීපාලනයට සහය දීමට තීරණය කිරීම නිසා මහින්දවාදීන් නැත්නම් බයියන් යනුවෙන් තමන් විසින්ම නාමකරණය කර ගත් පිරිස දැන් සිටින්නේ බලවත් අර්බූදයකට මුහුණ දෙමිණි.

මේ බයියන් සිතා සිටියේ මහින්ද උන්නැහේ සමඟ කරත්ත රෝදය තල්ලු කරගෙන ගොස් අගමැති කම් කොරන්නටය. එහෙත් ඒ වැඩේ වැරදී ගිය බව දැන ගත් සැනින් මහින්ද උන්නැහේ කිවේ මා ආයේ මැතිවරණයට එන්නේ ශ්‍රී ලනීප ප්‍රමුඛ සන්ධානයෙන් බවය. ඒ කියන්නේ යළි ඔහුට මහමැතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාව නැති බව අන්‍යාකාරයකින් ප්‍රකාශයට පත් කිරීමය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පු‍ටුවේ සිටිනකම්, චන්ද්‍රිකා මැඩම් ඔහු පි‍ටුපසින් සිටිනකම් මහින්දට කිසිදාක හෝ ශ්‍රී ලනීපයෙන් ඡන්දය ඉල්ලනනවා බොරුය.

මේ නිසා බයියන් සිටින්නේ වියරුවෙනි. යහපාලන පුස්සක් බව කියති. කොටි එනවා කියති. රට බෙදෙනවා කියති, ජාතික ගීය වෙනස් කළ බව කියති, වංචා දුෂණ වෙන බවත් කියති, ඒ අස්සේ කෝ හොරු ඇල්ලුවාද අසති( මේ හොරු කියන්නේ ඔවුන්ගේ පිළේ පිරිස බව සමහරුන්ට අමතකව තිබේ) එස් බීලා පවිත්‍රලා ඩිලාන්ලා ආණ්ඩුවට එකතු වූ විට උන් හොරු දූෂිතයන් බව කියති.මේ ආදී නා නා ප්‍රකාර එකක් එකට නොපැහෙන බැන අඬ ගැසීම සිදුවෙයි.

බයියන්ට නායකත්වය දෙන වුන් අතරත් ඇත්තේ එකිනෙකට වෙනස් කතාවන්ය. ගම්මන්පිලයා ජාතික ගීය දෙමළෙන් ගැයීමට එරෙහිව කඩුව වන වන සිටී.වාසුදේව ජාතික ගීය දෙමළෙන් ගැයීමට ඉඩ දීම ගැන කෙළවරක් නැතිව සතු‍ටු වෙයි, වීරවංශයා ජාතික ගීය දෙමළෙන් ගැයීමට විරුද්ධ වෙන කොට මහින්ද උන්නැහේ ඒක මගේ යෝජනාවක් බව ඒක එදා ජාතිවාදීන් කරන්නට ඉඩ දුන්නේ නැති බව කියයි. ගම්මන්පිළ වීරවංශ වාසුලා දිනේෂ්ලා ජාතික ආණ්ඩුවට එරෙහි වන විට මහින්ද ඊට සුභ පතයි.. තමන් එදා ජාතික ආණ්ඩුවක් හදන්න උත්සහ කළ වෙලේ එජාපය ඊට ඉඩ දුන්නේ නැති බවට මැසිවිලිද නඟයි. එදා ජාතික ආණ්ඩුවක් හැදුවා නම් අද මෛත්‍රී කළ මේ වැදගත් පියවර ගැන වන ගෞරවය ඔහුට ලබන්නට තිබුණු බව මහින්දගේ අදහසයි.

මේ ආදී වශයෙන් යන්න කොහෙද කියා ඇහුවාම මල්ලෙ පොල් කියා ගන්න වත් බැරිව අසරණව සිටින බයියන් ගේ දේශපාලන විපරීතභාවය අද නොම්මර එකේ විහිලුවක් බවට පත්ව තිබේ.

වෙන කරන්න දෙයක් නැත. ලාබෙට දෙන ආප්පයක් කා කොත්තමල්ලි වීදුරුවක් බී වෙන දෙයක් බලාගෙන සිටින්න කියනවා හැර අපිට කීමට දෙයක් නැත.

- ජනතා පාක්ෂිකයා

Last modified on Tuesday, 24 March 2015 13:48

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us