පිෂ්ඨය අවම කරමින් බත් උයන්න අලුත් ක්‍රමයක්

Published in අනං මනං
Wednesday, 25 March 2015 13:18

පිෂ්ට ධාතු ශරීරයට අවශෝෂණය වීම අවම වන සේ බත් පිස ගත හැකි ක්‍රමවේදයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් සමත්ව තිබේ.

ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍යයකු වන සුදාහිර් ජේම්ස් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ වාර්තා ප්‍රතිඵල ඇමරිකානු රසායන විද්‍යා සංගමයට ඉදිරිපත් කළ බව පර්යේෂණයේ උපදේශකවරයා වශයෙන් කටයුතු කළ ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරජා තමරජා පවසා ඇත.

‘බත් පිසීමේදී පොල් තෙල් ටිකක් දාන්න කියලා තමයි මේ ශිෂ්‍යයා සොයා ගෙන තියෙන්නේ. ආහාරය පිළියෙල කළාට පස්සේ ඔහු කියන්නේ ටික වෙලාවක් නිවෙන්න තියලා ආහාරයට ගන්න කියලා’ ඔහු පැවසීය.

එම පරීක්ෂණයෙන් ඉතා වැදගත් ප්‍රතිඵල ලැබී ඇතැයි සඳහන් කර ඇමරිකානු රසායන විද්‍යා සංගමය නිවේදනයක් නිකුත් කොට ඇති බවත් මහාචාර්ය පුෂ්පරජා තමරජා කියා සිටියේය.
ඒ ආකාරයට සකස් කළ බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ජීරණය කර ගන්නා පිෂ්ට ධාතු ප්‍රමාණය අවම කර ගත හැකි බවයි ශ්‍රී ලංකාව, ඇමරිකාව සහ අප්‍රිකාව වැනි රටවල පර්යේෂණවල යෙදෙන මහාචාර්යවරයා සඳහන් කර තිබේ.
‘මේ ආකාරයට පිෂ්ටවලින් භාගයකට කිට්ටු ප්‍රමාණයක් ජීරණය කළ නොහැකි ධාතු බවට පත් කරනවා අපේ ශරීරයට පිෂ්ටය ජීරණය කිරීමෙන් තමයි ග්ලුකෝස් එන්නේ. ඒ හරහා තමයි දියවැඩියාව ඇති වෙන්නේ. ඒ වගේම ස්ථුල භාවය ඇති වෙනවා’ ඔහු පැවසුවේය. එලෙස පිස ගන්නා බතක රස නොවෙනස්ව පවතින බවත් ඔහු සඳහන් කළේය.

සුදාහිර් ජේම්ස් සිය පරීක්ෂණය සඳහා සහල් වර්ග හතළිහක් යොදා ගෙන ඇති අතර ඉන් වර්ග දෙකකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි ඔහු පවසයි.
‘ඒ හතළිහෙන් එයා දැක්කා මේක කරන්න පුළුවන් දෙකකට පමණයි කියලා. නමුත් එයා තවදුරටත් අධ්‍යනය කරමින් බලනවා මේක අනෙක් සහල්වලට කරන්න බැරි හේතුව මොකක්ද කියලා’ මහාචාර්යවරයා පවසා ඇත.

කෙසේ නමුත් බත් ආහාරයට ගැනීම පමණක් ස්ථුල භාවයට හේතු නොවන බව පවසන ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරජා තමරජා ඒ සඳහා ව්‍යායාමවල නොයෙදීම සහ ජානමය කරුණු බලපාන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

rice1

උපුටාගැනීම : bbc

Last modified on Wednesday, 25 March 2015 13:19

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us