විමල්ගේ ළිංමැඩි චින්තනය හෙවත් අබිං කෑ එකාගේ ලෝකය Featured

Tuesday, 31 March 2015 11:09

විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අවධියේදී නුගේගොඩ පැවැති ඔහුගේ පළමු ‍රැළියේදී අපූරු කතාවක් කීවේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කැ‍රැල්ලකට යොමු වීම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට බරපතල හානියක් වූ බවට අනෙක් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනාවන්ට පිලිතුරක් ලෙසය. ඔහු එදා ඊට පිලිතුරු බැන්දේ,එම චෝදනාව මිනිහෙකුගේ අතපය හතර බැඳ දමා ළිඳකට තල්ලු කරදමා ඒ මිනිහා ඉන් ගොඩ ඒමට දඟලන විට ළිඳ බොර උනාම, අන්න අරූ ළිඳ බොර කළා යනුවෙන් කරන චෝදනාවට සමාන බවය.

මේ කතාව මතක් වූයේ විමල් වීරවංශ මහතා තවමත් එම ළිං කටෙන් ගොඩ ඒමට නොහැකිව සිටිනු දකින්නට ලැබීම නිසාය.

ඊයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පළ කළ අදහස් සම්බන්ධයෙන් විමසීමේදී පෙනී ගියේ ඔහු මෙතරම් කලක් දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපතිවාදය හෝ සමාජවාදය ගැන අතොරක් නොමැතිව කෑමොර දුන්නේ ඒ කිසිදු දේශපාලන සංකල්පයක් ගැන කිසිදු දැනුම්වත් භාවයකින් නොවන බවය.

ඒ තබා තමන් පෙනී සිටි මහින්ද රජපක්ෂ පාලනය යනු කුමක්දැයි ඔහුට කිසිදු වැටහීමක් නොමැති බවද පෙනී යයි. තමන් විසින් මවා ගන්න ලද මනෝමය රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ සිටිමින් ඔහු පසුගිය කාලයේ කටයුතු කරමින් සිට ඇති බවත් පැහැදිලිය. සාමාන්‍යයෙන් මෙලෙස උ‍තෝපියාවන් සකසා ගෙන ජීවත් වෙන්නේ අබිං කෑමට ඇබ්බැහි වූවන්ය.

"මේ වන විට අපේ රට දේශපාලන වශයෙන් ඉතාමත් අනාරක්‍ෂිත තත්වයකට ඇදගෙන යමින් තිබෙනවා. ලාංකේය දේශපාලන ඉතිහාසයේ පළමුවරට ආණ්ඩුවක් පත්ව තිබෙනවා, එක ඡන්දයෙන් ජනාධිපතිවරයකු, අගමැතිවරයකු හා විපක්‍ෂ නායකවරයකු තෝරාපත්කර ගත්. මේ බලකේන්ද්‍ර තුනම එක් ආණ්ඩුවක් අතේ තිබෙන්නේ, අපේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි. ‘ජාතික ආණ්ඩුව’ කියලා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවට එකතුවෙලා ඉන්න රටවල් හැරුණාම ලෝකයේ මෙහෙම අත්දැකීමක් නැතිව ඇති. සිංගප්පූරුව වැනි ජාතික ආණ්ඩුවක් තිබෙන රටවල පවා නාමමාති‍්‍රකව හෝ විපක්‍ෂ නායකවරයකු වෙනම නියෝජනය වෙනවා. අද ශ‍්‍රී ලංකාවේ මේ බලකේන්ද්‍ර තුනම එකම තැනකට අරගෙන ඉවරයි. එහෙමනම් ‘ඒකාධිපති රෙජීමය’ මේ ආණ්ඩුවද? තිබුණු ආණ්ඩුවද? කියන ප‍්‍රශ්නය මතු වෙනවා.

මේ යහපාලන මහත්තුරු ‘එකාධිපති රෙජීමය’ කියලා හඳුන්වන පසුගිය ආණ්ඩුව කවදාවත් ‘ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි’ කියලා සියල්ල අල්ලා ගෙන හිටියේ නැහැ. පසුගිය ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 150කට වැඩි ප‍්‍රමාණයක් තිබුණා. ඕනෑනම් ඒ ආණ්ඩුවට ඊනියා විපක්‍ෂයක් හදලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ විපක්‍ෂ නායක ධුරයත් අත්පත් කර ගැනීමට පහසුවෙන්ම ඉඩකඩ තිබුණා. නමුත් ඒ ආණ්ඩුව එහෙම කළේ නැහැ. එහෙම නොකළ ඒ ආණ්ඩුවටත් මේ යහපාලන මහත්වරු කීවේ ‘ඒකාධිපති රෙජීමය’ කියලා. එහෙනම් ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක කියන වැදගත් තනතුරු තුනම අත්පත්කරගෙන සිටින මේ ආණ්ඩුවට කිව යුත්තේ කවර ‘ඒකාධිපති රෙජීමය’ කියලාද?

මේ තත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූලද? යහපාලනය කියන්නේ ජනාධිපතිකමයි, අගමැතිකමයි, විපක්‍ෂනායකකමයි කියන මේ තුනම අල්ලලා තියා ගන්නා එකටද? දැන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ විහිළුවක් නොවෙයිද? මේ අනුව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල ගැටළුවක් අද පැනනැගී තිබෙනවා. මෙම විකාරරූපී, ඒකාධිපති ස්වරූපයේ මෙහෙයුම ගෙන යන්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රන් දෙවොල’ මේ රටේ නිර්මාණය කරනවා යැයි කියපු මහත්වරු. මේ අනුව මේ කෙටි කාලය තුළ ඉතා පැහැදිළිව පෙනෙනවා මේ අයගේ තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන භාවිතයක් නොවන බව."

මේ ඔහුගේම වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලද කොටසකි.


රාජපක්ෂලාගේ පවුල් ආණ්ඩුව විසින් සිදු කළේ තමන්ගේ පවුලේ උදවියගේ ඕනෑ එපාකම් මත රටේ දේශපාලනය ආර්ථිකය සමාජය සංස්කෘතිය පාලන කිරීමය. අඩු තරමේ විපක්ෂයේ මතය විමසීම තබා රාජපක්ෂ නියෝජනය කළ ශ්‍රී ලනීපයේ මතය විමසීමවත් සිදු කළ කිසිදු අවස්ථාවක් රාජපක්ෂ පාලන කාලය තුලදී තිබුණේ නැත. ඒ තබා විමල් වීරවංශ විසින් මහා ඝෝෂාවක් කරමින් රාජ්‍ය පාලනය මෙසේ වියයුතු යැයි කියමින් ලබා දුන් යෝජනා 12ක් ඇතුලත් ලියැවිල්ලවත් ඔය කියන රාජපක්ෂ පයිසයකටවත් ගනන් ගත්තේ නැත. වීරවංශ නිකම් බලු කුක්කෙකුගේ ගානට ඇද වැටෙනු නම් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

ඒ අත් දැකීමවත් අද විමල්ට මත නැත.

එහෙව් විමල් ට 'යහ පාලනය'යනු කුමක්ද යන්න හෝ ජනධිපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂනායකවරයාත් පාර්ලිමෙන්තුවේ අනෙක් ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ සියල්ලත් එක්කාසු කරගෙන මේ ගෙන යන පාලනය කුමක්ද යන්න ගැන හෝ වටහා ගැනීමට නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ. මේ නව දේශපාලන තත්වය තේරුම් ගැනීමට තරම් ඔහුගේ ළිං මැඩි චින්තනයට හැකියාවක් නෑත.

ඔහු දන්නේ තමන්ගේ බඩ ගෝස්තරය කෙසේ හෝ බේරා ගැනීමේ තක්කඩි දේශපාලනය පමණි.( ජවිපෙ සිටියදී ඔහු කළේ එය බව පසුව හෙළිවිය) එහෙත් මේ එවැනි තක්කඩියන්ට පැවැත්මක් ඇති කාලයක් නොවේ. සාටකයේ එල්ලී තමන්ගේ පැවැත්ම සකසා ගන්නට ගන්නා මේ උත්සාහය මේ කාලයට ඔබින්නේ නැත. ඒ පැරණි දේශපාලනයයි. අප ගමන් කරමින් සිටින්නේ ගෝත්‍රිකත්වයෙන් අත් මිදුනු නවීකාරක මනූෂ්‍යවාදී යුගයකටය. ඒ බව විමල්ට තේරුම් ගැනිමට නොහැක. විමල් වටා රංචු ගැසී සිටින 'මෝඩයන්'ට ඒ කෙසේවත් තේරුම ගත නොහැක.

බල්ලා මිය ගිය දාට මැක්කන්ට වන දේ මහින්දගේ අනු ගාමිකයන්ට සිදුව තිබෙන බවවත් විමල්ගෙ ගෝලයන්ට කවුරුන් හෝ තේරුම් කර දෙන්නේ නම් ඒ දෙලොව වැඩ පිණිස වන මහඟු පිං කමකි.

- ජනතා පාක්ෂිකයා

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us