කැමරාවටත් බය සිරියානු දරුවෝ

Published in අනං මනං
Wednesday, 01 April 2015 12:24

සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා තිබෙන ඇට්මෙන් සරණාගත කදවුරට මාධ්‍යවේදී ඔස්මන් සගිර්ලි පැමිණියේ ලියමින් සිටි අලූත්ම පුවත්පත් වාර්තාවට ඡායාරූප කිහිපයක් ලබාගැනීමටය.

මවගෙන් මිදී ඈතට දිවයමින් සිටි කුඩා දැරියක ඔහුගේ ඇස ගැටුණේ එක්මනමය.තමාගේ පුවත්පත් වාර්තාවට ඇයගේ ඡායාරූපයක් කදිම වනු ඇතැයි සිතා ඔහු ඇය පසුපසින් වැටුණි.

කැමරාවත් ඔසවාගෙන තමා දෙසට එන මාධ්‍යවේදියා දුටු කුඩා දැරිය ගල්ගැසුණාක් මෙන් නතර වූවාය.දෙඅතම ඉහළට ඔසවා යටත්වන බව ඇගවූවාය.ඇයගේ දෑසේ කදුළු පිරී තිබුණි.

ඇයගේ හැසිරීම ඔස්මන් සගිර්ලිට ප‍්‍රහේළිකාවක් විය.කැමරාවක් රැගෙන පැමිණි තමන් දැක ඇය දෑත් ඉහළට එසවූයේ ඇයුරු  මද වේලාවක් ගතවෙද්දී ඔහුට එය වැටහිණ.කුඩා දැරිය සිතා ඇත්තේ කැමරාව ගිනි අවියකැයි කියාය.ඇය දෑත් තම ඔසවා යටත්වන බව පෙන්වූයේ ඒ නිසාය.

එම අවස්ථාවේ ඔස්මන් ගත් ඡායාරූපය මේ වන විට ලොව පුරා මහත් ප‍්‍රසිද්ධියක් අත්කරගෙන ඇත.බොහෝදෙනා ලෝකය ගැන උපන් කළකිරීමෙන් යුතුව ඡයාරූපය ගැන අදහස් පළකර තිබෙනු දැකගත හැකිය.වැඩිහිටියන්ගේ වුවමනාවට සිදුවන යුද්ධයෙන් විනාශවී ඇත්තේ කුඩා දරුවන්ගේ අනාගතය බව ඔවුන් පවසන්නේය.

වසර 5 කට අධික කාලයක් දිවෙන සිරියාවේ සිවිල් යුද්ධයෙන් මේ වන විට ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව සදහන්ය.සහන සේවා සංවිධාන ඉදිරිපත් කර තිබෙන වාර්තා වලට අනුව ඉන් දස දහසක් පමණ කුඩා දරුවන්ය.

ලක්ෂ 120  ක පමණ මහා ජනාකායක් අවතැන්ව සිටින අතර ආහාර සපයාගත නොහැකිව ඔවුන් බහුරතය සිටින්නේ හා මත්වය.තත්ත්වයට පිළියම් වශයෙන් පිටි ආනයනය කිරීමට සිරියා රජය පියවර ගෙන ඇත.

මෙසේ විදේශයක සිට පිටි ආනයනය කිරීම අතීතයේ ස්වයංපෝෂිත ආර්ථිකයකට උරුමකම් කී සිරියාවට නුහුරු දෙයක් වන අතර රට වැටී තිබෙන ආගාධය කෙතරම් ගැඹුරුදැයි එයින්ම පෙනෙන බව විශේෂඥයෝ කියති.

(lankadeepa)

siriya2

siriyan4

siriya5

siriyan6

 

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us