යහපාලනයේ දේශපාලන සතුරු මිතුරු ප්‍රතිවිරෝධය

Thursday, 02 April 2015 12:47

‘‘අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීම’’ යනුවෙන් පිරුළක් ඇත. සරසවි සිසුන්ට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය ද මීට සමාන ය; නැත... එය ම ය.

යහපාලනය යැයි කියාගන්නා ආණ්ඩුව බලයට පත්වී තවම දින සියයක් ගතවී නොමැත. එහෙත් නාවල විශ්වවිද්‍යාලයේ සිසුන් සිය අයිතිවාසිකම් ලබා දෙන මෙන් ඉල්ලමින් සත්‍යයග්‍රහ ව්‍යාපාරයක් අරඹා දින සියය ද ඉක්ම විය. ඒ කාලය අතරතුර හෝ එම සත්‍යයග්‍රහණයට දින සියය ඉක්ම ගිය මොහොතේ හෝ එම සිසුන් එසේ සත්‍යග්‍රහයක යෙදෙන්නේ මන්ද? ඔවුන් ගේ ඉල්ලීම් මොනවා ද? යන්න පිළිබඳ කිසිඳු අවධානයක් යොමු නොකළ ආණ්ඩුව සරසවි සිසුන් ගන්නා වඩා ප්‍රබල ක්‍රියාමාර්ගයේ දී ඔවුන් තම හතුරන් ලෙස සලකති; ඔවුන් මර්දනය කිරීම සඳහා සුපුරුදු මිලිටරි බලවේග ක්‍රියාත්මක කරවති.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ ‘‘කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණා’’ සේ නිදහසට කරුණු ගොනු කොට ඇත. එහි අඩුංගු කරුණු අනුව සිසුන්ගේ දුර්වලතා දෙකක් මතු කොට ඇත. එනම් ඔවුන් උසස් අධ්‍යාපන කාර්යාලයට සන්දේශයක් බාර දෙන බව දන්වා සිටි අතර එසේ නොකොට පෙළපාලිය ගමන් කළ මාර්ගය වෙනස් කොට අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට පෙළපාලියකින් පැමිණීමය. අනෙක් කරුණ නම් නියෝජතයන් කිහිප දෙනකුට පැමිණ සන්දේශය බාරදෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ය. ආණ්ඩුව පාර්ශවයෙන් මෙය සාධාරණ ය. සිසුන් එසේ කළේ නම් එය ද ‘‘නීතියට අනුව’’ වරදකි. එහෙත් යහපාලන ආණ්ඩුවේ නීතියට අනුව වරදක් කළ එකම කණ්ඩායම සරසවි සිසුන් වීම හාස්‍ය ජනක ය.

පසුගිය පාලන සමයේ සිටි, යළි යහපාලනය යටතේ ද ඇමතිධුරවලින් පිදුම් ලද දූෂිතයෝ, වංචාකාරයෝ, අල්ලස් ගත්තෝ, කොමිස් කාක්කෝ හැකි ඉක්මනින් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ජනතාව විමසන විට ආණ්ඩුව ජනතාවගෙන් පෙරළා විමසන්නේ ‘‘ඔයගොල්ලන්ට ඕන පහුගිය කාලෙ වගේම සුදු වෑන්වලින් කුදලගෙන යන්න කියලද? යනුවෙනි. ඒ තෝරු මෝරු ගැන යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යි. එහෙත් සිසුන් තමන්ගේ සහ අනාගත පරපුරේ අයිතිවාසිකම් පිළිබඳ පෙනී සිටින විට, ඒ කෙරෙහි අදාළ බලධාරීන් අවධානය යොමු නොකරන විට ඊට එරෙහිව ක්‍රියාත්මක වන මොහොතේ කිසිඳු ලජ්ජාවකින් හිරිකිතයකින් තොරව ම පසුගිය පාලන ක්‍රමය යටතේ පැවති ආකාරයෙන් ම පොලිසිය සිසුන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිති; ජල ප්‍රහාර එල්ල කරති; කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරති; පහර දෙති; එසේ කරමින් එය අවම බලය පාවිච්චි කිරීමක් යැයි වහසි බස් දොඩති; අපිට ද පහර දුන්නා යැයි මුසා බස් පවසමින් පොලිසියේ මහත්වරු රෝහල් ගතවෙති. ඒ හාල්මැස්සන් වෙනුවෙන් ක්‍රියාත්මක වන යහපාලනය යි.

පවතින ආණ්ඩුවේ බලධාරීන් විපක්ෂයේ සිටිය දී වුව ද අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට එරෙහි වූයේ නැත. ඒ ඔවුන්ගේ වරදක් නොව ධනේශ්වර ක්‍රමයේ අර්බදය යි. පළමුවෙන් ම ‘‘අධ්‍යාපන ධවල පත්‍රිකාව කරළියට රැගෙන ආවේ ද වත්මන් අගමැතිතුමා අධ්‍යාපන ඇමති ධුරය දරන සමයේ බව අපට අමතක නැත. ත්‍රීමා විතාන, නිශ්මි ඇතුළු දස දහසකඅට අධික සරසවි සිසුන් ගේ ජිවිත බිලි දීමට සිදු වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අද අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ එදා ධවලපත්‍රිකාව කරළියට රැගෙන ආ දේශපාලනඥයා ම ය. මෙය දෛවයේ සරදමක් නොව ධනේශ්වරයේ අදිසි හස්තයේ ක්‍රියාවකි; ධනේශ්වරයේ ජයග්‍රහණයකි.

මෙහි ගැඹුරුම දේශපාලනික යථාර්ථය වන්නේ අනෙකකි. ජනතා විමුක්කි පෙරමුණ දෙකඩ වීමට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලපණ්ඩලය යනු ජනතා විමුක්ති පෙරමුණේ ම තවත් බලඇණියකි. එහෙත් පක්ෂය දෙකඩ වීමෙන් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බලමණ්ඩලයේ බලය අත්පත් කරගත්තේ ජනතාවිමුක්ති පෙරමුණෙන් ඉවත්ව වෙනම පක්ෂයක් පිහිටුවාගත් කණ්ඩායම යි. එනම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යි. අද පවතින පාලන ක්‍රමයට එරෙහිව අවි ඔසවන එකම පාර්ලිමේන්තු නියෝජනය ද, එකම දේශපාලන කණ්ඩායම ද පෙරටුගාමි සමාජවාදි පක්ෂය යි. එසේ ඔවුන් ඍජුව ම පවතින පාලකයන්ගේ, පාලන ක්‍රමයේ සැබෑ දේශපාලන සතුරන් ය. පසුගිය පාලන සමයේ සිටි දූෂිතයෝ, වංචාකරුවෝ, අල්ලස් ලබාගත්තෝ සහ මිනීමරුවෝ කවදත් වර්තමාන පාලන තන්ත්‍රයේ දේශපාලන සතුරන් බවට පත් නොවන්නෝ ය. එහෙයින් ඔවුන් වෙනුවෙන් යහපාලනය ක්‍රියාත්මක වන්නේ; එහෙයිනි සැබැ සැබෑ සතුරාට එරෙහිව මර්දනය දියත් කරන්නේ. මෙය අනාගතයට බරපතල තර්ජනයකි; ව්‍යසනයකි.

මා මීට පෙර කිහිප වතාවක් (යහපාලන ක්‍රමය පිහිටුවීමෙන් අනතුරුව) අප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් මේ මොහොතේ ප්‍රසිද්ධියේ පවසමි. එනම් තවමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ වූයේ නැත. එහෙත් අනාගතයේ දී ඔවුන් එසේ විය නොහැකි යැයි අපට විශ්වාස කළ නොහැකි ය. එය ඔවුන්ගේ වරදක් නොව ඔවුන් ව පාලනය කරනා ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය යි. එසේ නම් අප කළ යුත්තේ කුමක් ද? පුද්ගලයන් වෙනස් වෙනස් කිරීම වෙනස් කොට ක්‍රම වෙනසකට මුල පිරීම ය.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us