අමුතු පාරවල්

Published in අනං මනං
Friday, 03 April 2015 14:55

අමුතු පාරවල් ලෝකේ ගොඩක් තියෙනවා. සමහර පාරවල් අමුතුවෙන්නෙ දුෂ්කරත්වය නිසා. සමහර පාරවල් ලස්සන නිසා. කොහොම උනත් මෙතන තියෙන්නෙ අමුතුම අමුතු පාරවල් ටිකක්.

ලොව කෙටිම වීදි

street1

ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ ස්කොට්ලන්තයේ එබනීසර් වීදියයි. මෙය මීටර් 2.06 (අඩි 6 අඟල් 9 ක්) ක් පමණි. එබනීසර් වීදිය ලොව කෙටිම වීදිය ලෙස නම් කෙරුණේ 2009 වසරේදීය. එබනීසර් වීදියේ ඇත්තේ එක ලිපිනයකි. එය බි‍්‍රස්ටෝ නමැති හෝටලයයි. 1883 වසරේදී එබනීසර් වීදිය සකස් කළේ බි‍්‍රස්ටෝ හෝටලයට දිවෙන මාර්ගය ලෙසින් වුවද පසුව 1887 දී එය නිල වශයෙන් වීදියක් ලෙස නම් කැරිණි. ඊට පෙර ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී තිබුණේ ලැන්කැෂයර්හි එල්ගින් වීදියයි. එය මීටර් 5.2 කි. (අඩි 17 කි).

ලොව පටුම වීදිය

street2
ලොව පටුම වීදිය වන්නේ ජර්මනියේ රොටිලිංගන් නගරයේ පිහිටි ස්පෙයුරෝෆ් වීදියයි. එය සෙන්ටි මීටර් 31 ක් පමණි. (අගල් 12.2 කි) මෙම වීදිය සකස් කළේ 1727 රොටිලිංගන් නගරයේ මහා විනාශයක් සිදු කළ ගින්නෙන් පසුවය. ජර්මනියේ ඉඩම් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එය නිල වශයෙන් වීදියක් ලෙස නම් කරනු ලැබුණි.

වඩාත් සංකීර්ණ හරස්වීදි සහිත මාර්ගය

street3
මෙය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ හැරී පෙගර්සන් මාර්ගයයි. මාර්ග රැසකට පිවිසීමටත් මාර්ග රැසකින් පිටවීමත් සිදුවන්නේ ‘ හැරී පෙගර්සන්’ හරස් මාර්ගය හරහාය. ප‍්‍රාන්ත හරහා දිවෙන අධිවේගී මාර්ග කිහිපයක් ද මෙම හරස් මාර්ගය මැදින් වැටී ඇත. මෙම මාර්ගය විවෘත කළේ 1993 දීය. මේ මාර්ගය හරහා මහල් හතරක් ලෙසින් ගුවන් පාලම් ද ඉදිකර තිබේ. ඒවායේ වාහන ගමනා ගමනය සීමා කර ඇති අතරම ඒවායේ ගමන් කිරීමට අවසර ලැබෙන්නේ උසින් වැඩි ට‍්‍රක් සහ බස් රථ වැනි වාහනවලටය.

වඩාත් වංගු සහිත වීදිය

street4
මෙම වීදිය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර රුසියන් හිල් නමැති කඳු බෑවුම දිගේය. අංශක 27 ක ඇලවුණු බෑවුමක් ඇති නිසා මෙම වංගු සහිත මාර්ගය ඇතැම් වාහනවලට අනතුරුදායකය. 1922 සිට 1923 වසර තෙක් මෙම වීදිය ලොම්බාඞ් වීදියේ කොටසක් ලෙස සැලකිණි. ඉතා අසීරු වංගු 8 කින් මෙය සමන්විතය. වාහනවලට ගමන් කළ හැක්කේ පහළට පමණි. ඒ, නැගෙනහිර දෙසට විහිදෙන ලිවෙන්වෝත් වීදියටය. මාර්ගයේ යා හැකි වේගසීමාව පැයට කිලෝ මීටර් 8 කි. (පැයට සැතපුම් 5 කි).

විශාලතම බෑවුම සහිත වීදිය

street5
නවසීලත්තයේ දකුණුදිග ඩුනේඩින් නගරයේ බොල්ඞ්වින් වීදිය ලොව වඩාත් බෑවුමක් සහිත වීදියයි. මීටර් 2.86 ක් තිරස් අතට පිහිටි මෙය නිවෙස්වලට දිවෙන වීදියකිත මුහුදු මට්ටමේ සිට අඩි 98 ක් ඉහළින්, මීටර් 350 ක් (අඩි 1,150) දිග බෝල්ඞ්වින් වීදිය, ලිඞ්න්සී කී‍්‍රක් නිම්නය හරහා වැටී තිබේ.

ලෝකයේ පළල්ම මාර්ගය

street6
ආජන්ටිනාවේ බූවනෝස් අයර්සිහි පිහිටි අඩි 300 ක් පළල් ‘9 හූලියෝ වීදිය’ ලොව වඩාත් පළලතම මාර්ගය ලෙස සැළකෙයි. මං තීරූ 12 කින් සමන්විත මෙම මාර්ගය හරහා යෑමට පදිකයන්ට මාර්ග සංඥා තුනක් මෙන්ම සහ කහ ඉරි කිහිපයක් ද පසුකිරීමට සිදුවේ.

ලෝකයේ දිගම වීදිය

street7
ලොව දිගම වීදිය ලෙස සැලකෙන්නේ කැනඩාවේ ‘යංග්’ නමැති වීදියයි. කැනඩාවේ ටොරෙන්ටෝ නුවර ඔන්ටේරියෝ විල අද්දරින් දිවෙන මෙම මාර්ගය සිම්කෝ විල තෙක් විහිදී පවතී. ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇති මෙම මාර්ගයේ දිග කිලෝ මීටර් 1,896 කි. (සැතැපුම් 1,178 කි.)

ලෝකයේ විශාලතම වටරවුම පිහිටි මාර්ගය

street8
ලොව විශාලතම වටරවුම පිහිටා ඇත්තේ මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර පුත්රජයාහිය. එම වට රවුම කිලෝ මීටර් 3.4 ක් දිගය. සුන්දර කඳු ගැටයක් සහ උද්‍යානවලින් අලංකාර වූ සොබා සෞන්දර්යයෙන් පිරුණු තැනක මෙම වට රවුම පිහිටයි.

ලෝකයේ වංකගිරි වට රවුම

street9
එක්සත් රාජධානියේ ස්වින්ඩන් නුවර පිහිට වට රවුම රියදුරන්ගේ පමණක් නොව පදිකයන්ගේ ද ඔළුව අවුල් කරන වට රවුමක් ලෙස ගිනස් වාර්තා අතරට එක්වී තිබේ. මෙය මැජික් වට රවුම ලෙසින් ද හැඳින්වේ. 1972 වසරේ ඉදිකළ මෙහි කුඩා වට රවුම් පහක් ඇත. මෙයට මැජික් වට රවුම යන නම ලැබුණේ. ජනපි‍්‍රය ළමා වැඩසටහනක් නිසාය.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us