රාජකීය උපත සතියකින් කල් යයි

Published in අනං මනං
Friday, 01 May 2015 08:47

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරයාගේ බිරිය වන කේට් මිඩ්ල්ටන් කුමරියගේ දෙවන රාජකීය දරු උපත තවත් සතියකින් පමණ කල් ගිය හැකි බවට ඔවුන් ඉඟි කර තිබේ. ‍මේ අතර එම දරු උපත සිදුකිරීමට නියමිත පැඩින්ටන්හි ශාන්ත මේරි රෝහලේ ලින්ඩෝ අංශයේ රථ ගාල භාවිත කිරීම සම්බන්ධ සිමාවන් මැයි5 දා දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගෙන ඇත.

මීට කලින් රෝහලේ ලින්ඩෝ අංශය අවට රථවාහන නවතා තැබීම තහනම් කර තිබුණේ ඊයේ වනතුරුය. එහෙත් නව ලොව එළිය දකින රාජකීය බිලින්දාගේ පැමිණීම තවදුරටත් ප්‍රමාද වන හෙයින් එම තහනම මැයි 5 දා තෙක් දීර්ඝ කරන අතර ඒ වන විටත් රාජකීය බිලින්දාගේ උපත සිදු නොවී නම් තවදුරටත් එය දීර්ඝ කරන බව බලධාරීහු සඳහන් කරති.

කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගියදා තම වාහනය පදවමින් පෞද්ගලික සාප්පු සවාරියේ යෙදෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය තුල අතිශය ජනප්‍රිය විය.

පෙරේදා දිනය 33 හැවිරිදි කුමරියගේ හා විලියම් කුමරුගේ සිවු වැනි විවාහ සංවත්සරය වූයෙන් ඔවුන් නිහඬවම එය සමරා තිබිණ.

මේ අතර අලුත් රාජකීයාගේ පැමිණීම අපේක්ෂාවෙන් රාජකීය ලෝලීන් නොඉවසිල්ලෙන් පසුවන අතර ඇතැමෙකු දැන් මසක පමණ කාලයක සිට ඒ අපේක්ෂාවෙන් කල් ගෙවන බව පැවැසේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us