ප්‍රංශ මැයි රැළියකට නිරුවත් විරෝධයක්

Published in අනං මනං
Saturday, 02 May 2015 12:07

ඊයේ (මැයි 1) ලොව වටා ජනතාව කම්කරු දිනය සමරුවා. ඒවගේම කම්කරු දින සැමරුම් වලට එල්ල වුනු පොලිස් ප්‍රහාර ගැනත් අහන්න ලැබුනා. නමුත් ප්‍රංශයේ මැයි දින සැමරුමකට එල්ල උනේ වෙනස් විරෝධයක්.

ප්‍රංශයේ පැවති අන්ත දක්ෂිනාක්ෂික පක්ෂ සැමරුමකට බලෙන් ඇතුළුවූ  Femen activist group නම් සංවිධානයේ උඩු කය නිරුවත් කාන්තාවන් තිදෙනක් විරෝධතාවයක් දැක්වුවා. මෙහිදී ඔවුන් තුන්දෙනා ගොඩනැගිල්ලක සඳළුතලයක හිඳිමින් හිට්ලර්ගේ නාසි හමුදා ආචාරය කරමින් එම පක්ෂයේ නායිකා  Marine Le Penගේ කතාවට බාධා පැමිණෙව්වා.

 ඔවුන් තිදෙනා Marine Le Pe ලෙස බොරු කොන්ඩ වලින් සැරසී පපුව මත  ෆැසිස්ට්වාදය නවතනු හෙවත් “Stop fascism” යනුවෙන් සටහන් කරගෙන තිබුණා. ඒ විතරක් නෙමේ Marine Le Peගේ පක්ෂය නාසි පක්ෂය සමඟ සම්බන්ධ බව දැක්වෙන බැනර්ද ප්‍රදර්ශනය කරමින් එම පක්ෂයට විරුද්ධ සටන් පාඨ කියන්නත් අමතක කරේ නෑ.

නමුත් පසුව එම තිදෙනා මිනිසුන් තිදෙනෙකු විසින් ඇදගෙන ගොස්  ඇති අතර පසුව පොලිස් අත්අඩංගුවට පත්කර ඇත.

Femen activist group නම් සංවිධානය යුක්රේනයේ 2008 වසරේ ඇරඹුණු කාන්තා සංවිධානයකි. පසුව එය ප්‍රංශය තුල ස්ථාපිත වෙලා. මෙම සංවිධානය ලෝකය තුල ජනප්‍රියව ඇත්තේ උඩු  කය නිරුවත්ව  විරෝධතා දැක්වීම් සඳහායි. මීට  පෙර ලිංගික සංචාරක ව්‍යාපාරය, ආගමික ආයතනවලට, ස්ත්‍රීන්ට වෙනස් ලෙස සැළකීමට එරෙහිව අවස්ථා ගණනාවකදී විරෝධතාවය දක්වා තිබෙනවා. ඔවුන්ගේ අරමුණ ලෙස සැළකෙන්නේද කාන්තාව ආගම්වාදයෙන් , පුරුෂාධිපත්‍යයෙන්, ලිංගික සුරාකෑමෙන් මුදවා ගැනීම සහ කුලවාදයට එරෙහි වීමයි.

femin1

femin2

femin3

femin5

femin6

femin7

femin8

 

 

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us