බුධ හැකිලේ

Published in අනං මනං
Monday, 04 May 2015 14:04

බුධ ග්‍රහයා කිලෝමීටර් 7කින් පමණ හැකිලී ඇති බව නවතම අභ්‍යවකාශ ගවේෂණයකින් අනාවරණය වී ඇත.

ඉකුත් 1 වන දා බුධ ග්‍රහයාගේ පෘෂ්ඨය මත කඩා වැටුණු මැසෙන්ජර් යානය මගින් පෘථිවිය වෙත එවන ලද තොරතුරු වලින් මේ බව අනාවරණය වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේය.

සූර්යග‍්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වන බුධ ග්‍රහයාගේ රහස් සෙවීමට මීට වසර 10 කට පෙර අභ්‍යවකාශයට යැවූ ඇමෙරිකානු නාසා ආයතනයේ මැසෙන්ජර් යානය පසුගියදා එහි ගැටී විනාශයට පත් වුණි.

වසර 4 ක් තිස්සේ බුධ ග්‍රහයාගේ කක්ෂයේ ගමන් ගත් මැසෙන්ජර් යානය බුධ ග්‍රහයාගේ උතුරු ධ්‍රැවයට පතිත වූයේ පැයට කිලෝමීටර් 14,000 ක එනම්, ශබ්දයේ වේගය මෙන් 12 ගුණයක වේගයකිනි. ඒ සමග බුධ ග්‍රහයා මත ආවාටයක් නිර්මාණය වී ඇත. එය පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමට නොහැකි තරම් කුඩා ආවාටයක් බව සදහන් රයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us