හබන් කුකුළන්ට මගුල් කන්නට ඉඩ නොතබන්න

Friday, 22 May 2015 10:43

‘‘ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්’’ යනුවෙන් ප්‍රස්ථා පිරුළක් ඇත. මේ මොහොතේ උතුරේ සහ දකුණේ ද එවැන්නක් සිදුවෙමින් පවතී. ඌරන් උතුරේ ය; කැකුණ ද උතුරේ ය; උතුරේ ඌරන් කැකුණ තළන විට එය රජ මගුලක් වන්නේ දකුණේ හබන් කකුළන්ට ය. නිකම් නිකම් හබන් කුකුළන්ට නොව ජාතිවාදි හබන් කුකුළන්ට ය.

උතුරු ප්‍රදේශයේ කයිට්ස් දූපත් හි කුන්ඩතිව් මහ විදුහලේ සිසුවියක් සමූහ දූෂණයකට ලක්ව මිය ගියේ පසුගිය 13 වන දිනහෝ 14 වන දිනයි. පසුගිය වකවානුවේ මෙන් නොව, මේ පිළිබඳ ජනමාධ්‍යෙයන් හෙළිදරව් විම සහ ඒ ප්‍රදේශයේ ජනතාව ඔවුන් ගේ විරෝධය පළ කිරිම හේතුවෙන් ශ්‍රි ලංකා පොලිසිය සිද්ධිය පිළිබද කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 18 වන දින අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට පත්වූහ.

රාජපක්ෂ රෙජීමයේ සපත්තුවට පෑගි සිටි උතුරුකරේ වැසියෝ නව ආණ්ඩුවේ ක්‍රියාදාමයත් සමග නොබියව තම අයිතින් ඉල්ලා විදි බසින්නට වූහ. එමතු නොව ඇතැම් අවස්ථාවන්හි දී ඔවුහු නීතිය තමන් අතට ගන්නට මාන බැලූහ; සැකකරුවන් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඇතැම් සැකකරුවන්ගේ නිවාස ද ගිනි තබා ඇති බවට උතුරේ ආරංචි මාර්ග පවසයි. සියලු මිනිසුන්ට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වන මොහොතක නීතිය තමන් අතට ගන්නට සූදානම් වීම ද අනුමත කළ නොහැකි ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ජනතාව: පොලිසිය සමගද ගැටුම් ඇති කරගනිමින්, අධිකරණයට අලාබහානි කරමින්, පොලිස් ජීප් රථවලට සහ පොලිස් නිලධාරීන්ට ද පහර දෙමින් කළහකාරී ලෙස හැසිරීම ය. එසේ කළහකාරී ලෙස හැසිරුණු පිරිස අතරින් 130ක් පමණ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිසිය විසින් සැකකරුවන් ලෙස පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිය දී සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් තිබිය දී සංවිධානාත්මක ලෙස මෙලෙස ගැටුම් ඇති කරන්නේ ඇයි ද සහ එසේ ඇති කරන පිරිස කවුද යන්න සොයා බැලිය යුතු ය යන මතවාදය සමාජ ගතකරමින් සිටිය දී අදාළ සිද්ධියේ මෙතෙක් නොදුටු ඉමක් මතු වි ඇත. එනම් මෙම සැකකරුවන් අතර සිටින එක් පුද්ගලයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ඩග්ලස් දේවානන්ද ගේ චක්ගෝලයකු විම ය. බැලු බැල්මට මෙය අහම්බයක් ලෙස පෙනුණ ද එය එසේ නොවේ යැයි අනුමාන කළ හැකි සාධක දක්නට ඇත.

මිය ගිය සිසුවිය පැහැරගෙන යන්නේ පසුගිය 13 වන දින ඇය පාසල් යමින් සිටිය දී ය. එසේ පැහැරගෙන යන්නේ කලින් කළ සැලසුමක් අනුව මිස හිටි අඩියේ නොවන බව පැහැදිලි ය. එමෙන් ම ඇගේ මළ සිරුර හමුවන්නේ පසුදින එනම් 14 වන දින යි. සිරුර හමුවන මොහොතේ එම සිසුවියගේ අත් පා ගැටගසා තිබූ අතර පාන්කඩ ඔබා මුඛය ද හිර කර තිබිණ.

පොලිසිය කළ පරීක්ෂණවල දි පළමුව අත්අඩංගුවට පත්වන්නේ තිදෙනකු පමණි. ඉතිරි පිරිස පිළිබඳ තොරතුරු හෙළිවන්නේ අත්අඩංගුවට පත් පිරිසගෙන් කළ ප්‍රශ්න කිරිම්වල දී ය. මෙහි පළමු සැකකරු නමගිය සොරකු බවත්, දූෂණයට ලක්ව මිය ගිය සිසුවියගේ මව එම සැකකරු කළ සොරකමක් සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇති බවත්, සිසුවිය පැහැරගෙන ගොස් ඇත්තේ ඊට පළිගැනීමක් ලෙසින් බවත් ප්‍රදේශවාසීහු ද පවසා ඇත.

මෙය අහඹුවක් නොවන බව පවසන්නේ මෙකී සිදුවීම් පෙළ ගැසීමෙන් පැමිණි නිගමනයන්ට අනුව ය.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් උතුරේ මෙන් ම දකුණේ වෙසෙන ජාතිවාදීහු පවතින පාලනය අභියෝගයට ලක් කිරීමට සමත් ආකාරයේ සිදුවීම් පෙළක් නිර්මාණය කළහ. වැරදිකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දී වුව ද යම් කලහකාරි සිද්ධියක් ඇති කර ‘‘උතුරේ යළි කොටි ක්‍රියාත්මකයි’’ යනුවෙන් මතවාදයක් වපුරා රට අරාජික කිරීම මේ ජාතිවාදි අවස්ථාවාදීන් ගේ සැලසුම වී ඇති බව දැන් පැහැදිලි ය.

මේ නරුම ජාතිවාදින්ට අනුව උතුරේ මිනිසුන්ට කුස ගින්නට එරෙහිව හඩ නගන්නට නොහැකි ය, ඔවුන්ට ආරක්ෂක අංශවලින් එල්ල වෙන බලපෑම්වලට එරෙහි හඩ නගන්ට නොහැකි ය, ඔවුන් ගේ දියණියන් පැහැර ගෙන යද්දි එයට එරෙහිව හඩ නගන්ට නොහැකි ය. අවසාන වශයෙන් තම දරුවන් මතු නොව සියලු වැසියන් මරා දමන විට වුව ඊට එරෙහිව හඩ නගන්නට නොහැකි ය. එවිට මේ ජාතිවාදීන් මොර දෙන්නේ ‘‘අන්න උතුරේ කොටි නැගිටිනවෝ’’ කියා ය. මෙය දැන් දෛනික කටයුත්තක් තරමට ම සාමාන්‍යකරණය වී ඇත. කොතැනක හෝ සිටින දෙමළ වැසියකු තමන්ට එරෙහිව නැග එන අසාධාරණයකට විරුද්ධව පියවර ගන්නේ නම් ඒ කොටි ය; ත්‍රස්තවාදීහු ය. පාලකයන් සහ බලධාරීන් වුව ද මේ සම්බන්ධයෙන් දක්වන්නේ ඇල් මැරුණ ස්වභාවයකි. මේ සියලු අකටයුතුකම් කෙරෙද්දී ම බොර දියේ මාළුබාගන්නට ජාතිවාදිහු කැසකවති.

උතුරේ ඇති වු කලබලකාරී සිද්ධිය වාර්තා වු සැණින් මේ ජාතිවාදීහු සුපුරුදු පන්දම සහ බෙරය ගෙන තොවිලය නටන්නට සැරසුණෝ ය. බෙර ගසන්නේ ආණ්ඩුවේ සහ තවත් ජෘතිවාදීහු ය. නටන්නේ උන්ගේ බත් බැලයෝ ය; හෙන්චයියෝ ය. අරුමය වන්නේ යහපාලනයට සහයෝගය දැක්වූ උරුමකරුවෝ ද මේ පන්දම සහ බෙරය ම වෙනත් ආකාරයකින් තම දෑතට ගැනීම ය. එය ද නිකමට කරන ක්‍රියාවක් නොව ඉදිරි මැතිවරණයේ දී ජාතිවාදීන්ගේ ඡන්ද ටික ඩැහැගැනීමේ අටියෙනි.

මේ ගෙවෙමින් පවතින්නේ සංක්‍රාන්ති සමයකි. එ’සමයේ දී ආණ්ඩුව කටයුතු කළ යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙනි. මන්ද ජාතිවාදීහු තවමත් තම මතයේ ම එල්බගෙන සිටිති; පට්ට ජාතිවාදියකු රටේ නායකයකු කරන්නට වෙහෙසෙති; මෙවැනි සිදුවීම්වලින් සිදුවන්නේ යළිත් අවස්ථාවාදී සිංහල ස්වෝත්මවාදය හිස එසවීමය. එය ඉදිරි පැවැත්මට බොහෝ අහිතකර ය. එසේ නම් කළ යුත්තේ කුමක් ද?

සිදු වූ අසාධාරණයට එරෙහිව ජනතාව සාමකාමී ලෙස තම විරෝධය පළ කරද්දී, සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබිය දී එය තුට්ටුවකට මායිම් නොකර නීතිය අතට ගන්නට කැසකවන කුමන්ත්‍රණකරුවන් හෙළිදරව් කර ගත යුතු ය. ඒ පිටුපස පවතින අදිසි හස්තය කුමක්දැයි හදුනා ගත යුතු ය. අදාළ සිද්ධිය මතුපිටින් පමණක් නොවිමසා ඒ පිළිබද විධිමත් පරික්ෂණයක් කළ යුතු ය. එවිට දැනට හෙළිදරව් වී සිටින මහින්ද චක්ගෝලයා මෙන් තවත් බුරුතු පිටින් හෙළිදරව්වන්නට පිළිවන. ජනතාවට සත්‍යය වටහා දීමට හැකිවන්නේ ඉන් අනතුරුව ය. එසේ නොවන්නට රටේ ජනතාව යළිත් තම දෑස් සියතින් ම අන්ධ කරගන්නවා නියත ය.

වින්දිත පාර්ශවයෙන් ද කළ යුතු ඉල්ලීමක් ඇත. එනම් අවස්ථාවාදී ජාතිවාදීන් ගේ කුමන්ත්‍රණවලට හසු නොවී සිදු වූ අසාධාරණය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන්නට ඉඩ දී බලා සිටීම ය. යම් හෙයකින් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්, වින්දිතයන්ගේ පාර්ශවයට අසාධාරණයක් සිදුවන්නේ නම් උතුරේ ඔබ පමණක් නොව දකුණේ සිටින සාමයට ළැදි, සාධාරණය අගයන පිරිස් ද ඔබ සමග සිටින බව සිහි තබාගත යුතු ය. එසේ නොකොට ජාතිවාදීන් ගේ උගුලට හසු වුවහොත් උතුරේ ඔබ පමණක් පමණක් නොව දකුණ ද, නැගෙනහිර ද ප්‍රමුඛ සමස්ත රට ම අරාජික වන බව ද සිහිතබා ගත යුතු ය. අපට අවැසි සාමය යි; සහ ජීවනය යි; එකමුතුකම යි. එය ආරක්ෂා කර ගැනීම සමස්ත රටවැසියා ගේ ම වගකීම යි.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us