ලංකාවේ ප්‍රථම සතුන් රැකබලාගන්නිය වූ උදාරි

Published in අනං මනං
Monday, 01 June 2015 12:59

අපේ රටේ දැනට සත්වෝද්‍යාන දෙකක් පිහිටා තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයට අමතරව මේ මෑතකදී පින්නවල ප්‍රදේශයේත් එළිමහන් සත්වෝද්‍යානයක් පිහිටෙව්වා ඔබට මතක ඇති.

මේ කියන්න හදන්නෙ ඒ සත්වෝද්‍යානය ගැන නම් නෙමේ. ලංකාවේ ප්‍රථම සතුන් බලාගන්නිය ගැනයි. ඒ තමයි උදාරි හෙට්ටිආරච්චි. උදාරි තවමත් වයස 28ක් සම්පුර්න කළ තරුණියක්. නමුත් ඇයට පැවරිලා තියෙන රාජකාරියනම් සුළුපටු එකක් නෙමේ. ඇය සේවය කරන්නෙ පින්නවල අලුතින්ම පිහිටවූ එළිමහන් සත්ව උද්‍යානය තුලයි.

උදාරිගෙ පාසල මීගමුව ආවේ මරියා කන්‍යාරාමය. උසස් පෙළින් පස්සෙ වැඩිදුර අධ්‍යපනය සඳහා නයිවල පිහිටි උසස් අධ්‍යාපන ආයතන වෙත ගිය උදාරි වසර තුනක පුහුණුවකින් පස්සෙ කෘෂිකර්ම උපදේශක තනතුරකට පත්වෙනවා. එහෙම සේවය කරමින් ඉන්න අතරෙ ඇය ගිරිතලේ වනජීවී මධ්‍යස්‌ථානයේ පුහුණුවක් සඳහා යොමු වෙනවා.

ඒ පුහුණුවෙන් පස්සෙ ජාතික සත්වෝද්‍යානය මගින් පවත්වන විභාගයකින් සමත්වන ඇය 2014 වසරේ පෙබරවාරි මාසයේ සිට පින්නවල අලි අනාථාගාරයේ සේවය සඳහා පත්වෙලා. පසුගියදා පින්නවල නව එළිමහන් සත්වෝද්‍යානය ඇරඹීමත් සමඟ එහි සතුන් රැක බලාගන්නෙක් ලෙස උදාරිව පත්කෙරෙනවා.

ඇය තමන් දරන විශේෂ තනතුර පිළිබඳ දරන්නේ මෙවැනි අදහසක්. "මම පොඩිකාලේ ඉඳලම සත්තුන්ට ගොඩක් ආදරෙයි. ඒකනිසා තමයි මට මේ තත්ත්වෙට එන්න පුළුවන් උනේ. සත්තු කූඩු කරලා තියෙනවට වඩා මේ වගේ එළිමහන් ප්‍රදේශයක ඉන්නකොට බලාගන්න එක ලොකු වගකීමක්. මම මගේ වගකීම උපරිමයෙන් ඉටුකිරීමට බැඳී සිටිනවා. "

සිලෝන් ටුඩේ ඇසුරිණි

Last modified on Monday, 01 June 2015 14:14

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us