විශ්වාසභංගය නම් විපක්ෂයේ බංකොලොත් කමයි. Featured

Monday, 08 June 2015 09:48

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි විපක්ෂය විසින් කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස බංගය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ කියැවෙන්නේ '... මෙතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අත්සන් තැබීම පුදුමයට කරුණක් නොවන බවය..' ඒක හැබෑය. හරිනම් තව තිස් හතලිස් දෙනෙකුවත් මීට අත්සන් තැබිය යුතුය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඇති පාර්ලිමේන්තුව තුල ඇති බලය මන්ත්‍රීවරු 45ක පමණ ප්‍රමාණයක් වීමය. මන්ත්‍රීවරු හතලිස් ගනනක ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිව ඉතිරි එකසිය අසූවක පමණ පිරිසම අත්සන් නොකිරීම ගැටලුවකි. එම ගනන හිලවු අනුව අගමැතිවරයාව විස්වාස කරන තවත් 70ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටී.. එයද පුදුමයට කරුණකි.

ඒ කෙසේ නමුත් මේ මන්ත්‍රීවරු හතලිස් ගන්නේ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒ මත තරම් විපක්ෂය ඉක්මන් වීම තුල පෙනෙන්නට තිබෙන සත්‍ය නම් ඔවුන්ගේ ඇති දේශපාලන බංකොලොත් භාවයය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති නොතේරුම් කමය. හුදු බල තන්හාවය. තමන්ගේ බඩ ගෝස්තරය මිස රටේ ජනතාවගේ බඩ ගෝස්තරය තමුන්ට නොවැදගත් බවය.....

විපක්ෂය කියන්නේ රනිල් පරදවා ආණ්ඩුවක් පිහි‍ටුවන බවය.. ඒ ආණ්ඩුවේ අගමැතිවරයා කවුද යන්න ප්‍රකාශයට පත්ව නැති මුත් ආණ්ඩුවක් පිහි‍ටුවන බව ප්‍රකාශ කරයි.. එහෙත් ඒ කුමකටද යන්න ගැන කිසිවකුත් කිසිවක් කියන්නේ නැත.. වටෙන් ගොඩින් ඇහෙන දේ අනුව ඔවුන්ගේ ප්‍රශ්නය පසුගිය ආණ්ඩු කාලයේදී ඔවුන් විසින් සිදු කරනු ලැබු දූෂණ වංචාවන්ට එරෙහිව වත්මන් අණ්ඩුව විසින් පරීක්ෂණ පැවැත්වීම නවතා ගැනීම ප්‍රධාන අරමුණ වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට මේරටේ ජනතාව විසින් පත් කරනු ලැබුවේ දූෂිතයන්, දූෂිත ක්‍රමවේදයන් ආරක්ෂා කිරීමට නොවේ. යහපාලනයක් වෙනුවෙනි. ඒ අනුව නැවතත් සන්ධාන ආණ්ඩුවක් බිහිවීම යනු පැවැති දූෂිත පාලනයම නැවත ස්ථාපිත කිරීමකි. ඒ වෙනුවෙන් කිසිවකුත් කැමැත්ත ප්‍රකාශ කරන්නේ නම් මේ හොරු ටිකම පමනය.

පෙර පැවැසූ පරිදී මේ විශ්වාස භංගය විපක්ෂයේ බංකොළොත් කම යැයි කීමේ අනෙක් හේතුව රටක් වඩා ප්‍රගතිශීලී අන්තයකට ‍රැගෙන යාම සඳහා මේ ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාව විපක්ෂය විසින් මඟ හැරීමය. මේ තමුන්ගේ බඩ ගොස්තරය සොයා ගැනීම යන කරුණට යටත්ව ගත් තීරණයක් වන නමුත් මහජන නියෝජිතයන් ලෙසින් මහජනතාවගේ ඡන්දයෙන් ‍තෝරා ගත් පුරවැසියන් ලෙස අංශු මාත්‍රයක හෝ යුතුකමක් එම ජනතාව වෙනුවෙන් ඉ‍ටු කිරීමේ වගකීමක් ඔවුන් සතුව වෙයි. එහෙත් ඒ ඔවුන් විසින් අතහැර දමා ඇත. එනම් ඒ සඳහා වන දියුණු දේශපාලන දැක්මක් නොමැති කමය. මේ නිසා අගමැතිවරයා ප්‍රමුඛ අණ්ඩුව විසින් රට ගෙන යන්නේ වැරදි මාර්ගයේ නම් ඊට විරෝධය පළ කර එම තත්වයන් පරාජය කර නිවැරදි දේ වෙනුවෙන් වත්මන් විපක්ෂයට පෙනී සිටීමට නොහැකිය.

මේ තත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් කළ යුතු කාර්ය භාරය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වඩා ජනතාවාදී පාර්ලිමේන්තුවකට ඉඩ විවර කිරීමය. යහපාලනයක් උදා කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපතිවරයාට ඒ මඟ හැර යා නොහැකිය.

ජනතා පාක්ෂිකයා

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us