විමල්ගේ ලිංගික ප්‍රශ්නයට මංගල පලිද ? Featured

Tuesday, 09 June 2015 14:51

විදේශ ඇමැති මංගල සමරවීර මහතා එක්සත් ජාතින් හමුවේ සමරිසි අයිතීන් වෙනුවෙන් එකඟතාවය දැක්වීම ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අත් අඩංගුවට ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ලංකාවේ පවතින නීතිය අනුව වැඩිහිටි කාන්තාවක් හා පිරිමියක් අතරවන ලිංගික හැසිරීමක් හැර අන් සියලු ලිංගික ක්‍රියා තහනම් කටයුතුය. ස්වයං වින්දනයේ යෙදීමද ඒ අනුව තහනම් කටයුත්තකි. මේ තහංචි ගොඩ නැගෙන්නේ කිතු දහම මත පදනම් වූ වික්ටෝරියානු සදාචාරවාදය පදනම් කර ගත් සුද්දාගේ නීතියට අනුවය. අද එංගලත්තවාසීන් හෝ මේ හණ මිටි නීති පිලිගන්නේ නැත.

වීරවංශ මහතාගේ දේශපාලනය පදනම් වන්නේ ගෝත්‍රික න්‍යායධර්මයන් මත බව ට විවාදයක් නැත. ජාතිවාදය ආගම් වාදය මත්තෙහි සිට සිය බඩ ගෝස්තරය වෙනුවෙන් ඕනැම මජර දේශපාලනයක යෙදීමට තරම් පහත් දේශපාලකයකු ලෙස ඔහුව හැඳින්වීමෙහිද වරදක් නැත. ඒ, ළඟදීම තමුන්ට හිමිවෙන්නට නියමිත ඉතිහාසයේ කුණුබක්කියට වැටීම වළක්වා ගැනීමේ අවසාන පියවරක් වශයෙන් රාජපක්ෂලාව කරේ තියාගෙන යෑමෙන්ම ඔහු ඒ බව වඩාත් හොඳින් පෙන්නුම් කර ඇති බැවිනි.

එමෙන්ම එක අතකින් සමරිසි අයිතිය කෙසේ වෙතත් මේ රටේ ම උරුම කරුවන් වන දෙමළාගේ දේශපාලන අයිතිවාසිකම් හෝ පිලිගැනීමට සූදානම් නැති මේ කසිකබල් දේශපාලකයා වෙතින් මානව හිමිකම් බලාපොරොත්තු වීම අපගේ ගොන්කම විනා වෙන කිසිවක් වන්නේ නැත. එහෙත් මේ ගැන සඳහන් කළේ මේ කසිකබල්ලු නැවතත් රාජපක්ෂවරුන් බලයට පත් කර ගැනීමට වලිකෑම , අද යම් ලෙසකින් හෝ සමාජය අත්පත් කර ගෙන තිබෙන නිදහස යළිත් අහිමි කර ගැනීමක් විය හැකි බැවින්, ඒ කෙසේ හෝ වැලැක්විය යුතු නිසාය.

ගොත්‍රික සිරිත් විරිත් මත පදනම් වූ සමාජ ආකල්ප දරන රටවල තව දුරටත් ලිංගිකත්වය ගැන තහංචි ක්‍රියාත්මක වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය මානව නිදහස ගැන උස්ව කල්පනා කරන රාජ්‍යන් හී සමරිසි අයිතීන් මානව හිමිකමක් ලෙස පිළිගනී.

විමල් වීරවංශ මහතාට වෙනත් පිරිමියකු හා පවුල් කන්නට සිටි කාන්තාවක් ඉන් මුදවා ඇයට ප්‍රේමකර ඇය විවාහයක් ද කරගෙන ඇයගේ කැමැත්තෙන් සංසර්ගයේ යේදී දරුවන් තනන්නට තිබෙන අයිතිවාසිකම මෙන්ම විවාහයට පිටින් වෙනත් කාන්තාවන්ට ප්‍රේම කරන්නට හැකියාවක් ද තිබිණි.

වීරවංශ මහතා අවස්ථා කිහිපයකදීම එලෙස කටයුතු කරද ඇත. මෙහිදී නීතිය හෝ සදාචාරය එහිදී ඔහුට වැදගත් වූයේ නැත. මේ ඇතැම් කාරණා විසඳා ගැනීමට සිදු වූයේ පොලීසියේදීය. අද වීරවංශගේ ලිංගික ජීවිතය කෙසේ ගත කෙරුණත් එහි වන අකරතැබ්බයන්ට වෙනත් කිසිවකු වගකිව යුතු නැත. එය ලබා උපන් හැටි කියා ඉවසා සිටීම ඔහුගේ තත්වයට වඩා යහපත්ය.

සමරිසි අයිතිය පිළිබඳව මෙරට නීතිය කෙසේ කටයුතු කළත් එය අද ලෝකයා පිළිගනිමින් සිටින අයිතියකි. නීතිය යනු සදාකාලික වෙනස් නොවන සුළු මෙවලමක් නොවේ. කාලයට සාපෙක්ෂව ගොඩ නැගෙන එය කාලය සමඟ වෙනස් වියයුත්තකි. මානවයාගේ නිදහස පහසුව ‍රැකවරණය වෙනුවෙන් ඒ සකස් වියයුත්තකි. වෙනස් නොවීම අපෙක්ෂා කරන්නේ ගොත්‍රිකයෝමය. වීරවංශලා ගෝත්‍රිකයන් කියන්නේ එබැවිනි.

මංගල, වීරවංශට වඩා ගව්ගානක් ඉදිරියෙන් සිටින දියුණු නුතන දේශපාලකයකු බව කියන්න අපට දෙගිඩියාවක් නැත.

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us