අලුත උපන් දරුවන්ට ipad දෙන්නලු

Published in අනං මනං
Monday, 15 June 2015 16:33

තාක්ෂණික උපකරණ බාවිතය දිනෙන් දින වැඩි වෙනවා. ඉස්සර කුරුම්බැට්ටි මැෂින්වලින්, උණ බට තුවක්කු වලින් සෙල්ලම් කරපු ළමයි වෙනුවට දැන් ඉන්නෙ ස්මාර්ට් පොන් වලින් අයිපෑඩ් වලින් සෙල්ලම් කරන ළමයි.

මේ පිළිබඳ දිගින් දිගටම විවේචන එල්ල වෙනවා. කොහොම උනත් නවතම පරීක්ෂණයකට අනුව හෙළි වී තිබෙන්නේ ඉපදුණ ගමන් දරුවන්ට ipad ලබාදිය යුතු බවයි.

ලංඩන් විශ්ව විද්‍යාලයේ සිදු කරපු පරීක්ෂණයකින්  තහවුරු වෙලා තියෙන්නෙ අලුත උපන් දරුවන්ගේ මොළය පොත්වලට වඩා ipad නිසා උත්තේජනය වන බවයි.

කෙසේවෙතත්  මීට පෙර දරුවන් එක දිගට තිරයක්  දෙස බල සිටීමෙන් සමාජීය හැකියාවන් මොට වෙන බවට මතයක් පළවිය. මේ නව මතය හරහා එය ප්‍රතික්ෂේප  කෙරෙනවා.

මේ පරීක්ෂණයේ මූලිකත්වය ගෙන කටයුතු කරපු මහාචර්ය ඇනට් ස්මිත් පවසන පරිදි උපතේ සිටම කුඩා දරුවන්ට tab පරිගණක ලබා දිය යුතුයි. ඇය පවසන්නේ   කුඩා අවදියේදී දරුවන්ගේ දෘෂ්ඨි පද්ධතිය ආකර්ෂණය වන්නේ වෙනස්වීම් වලට බවයි. මහාචර්යවරියගේ  අදහස අනුව පොත් නොසෙල් වී පවතින බැවින්  කුඩා දරුවන් පොත් පෙරලීමට වැඩි කැමැත්තක් දක්වන්නේ මේ හේතුව නිසායි.

එසේම මාස 6 සිට 10 දක්වා කුඩා දරුවන් tab පරිගණකයක අංක පෙන්වීමේදී වඩා හොඳින් හඳුනා ගන්න බව අනාවරණය වී තිබෙනවා.  

නමුත් මීට පෙර එංගලන්ත රාජකීය ආයතනයේ සුසෑන් ග්‍රීන් ෆීල්ඩ් පැවසුවේ දරුවන් පරිගණක තිර වලට නිරාවරණය වීම සහ පරිගණක ක්‍රීඩාවල යෙදීම හරහා තාවකාලික මානසික රෝගයන්ට ගොදුරු විය හැකි බවයි. එසේම  අනවශ්‍ය ඇබ්බැහිය හරහා මොලයට හානි සිදුවන බව ඇය පවසා තිබුණි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us