වීසා ලබාදෙන අලුත් දෙවිවරු

Published in අනං මනං
Thursday, 18 June 2015 13:02

තවමත් ලෝකේ බොහෝ පිරිසක්  පිහිට පතාගෙන පන්සල් පල්ලි කෝවිල් ගානෙ යනවා. ඉන්දියානුවන් අතර මෙවැනි මිත්‍යා විශ්වාස බහුලව දකින්න ලැබෙනවා.

බොහෝ වෙලාවට මේ ආකාරයට පිහිට පතන්නෙ ලෙස සුව කරලා දෙන්න, තමන්ගේ දරුවන්ගෙ ජීවිත සාර්ථක කරලා දෙන්න වගේ දේවල්වලට. නමුත් දැන් දැන් ඉන්දියාවේ වෙනස් විදියේ කෝවිල් සහ දේවස්ථානත් දකින්න ලැබෙනවා .

මේ කෝවිල්වල  දෙවියො  පිහිට වෙන්නෙ  පිට රටකට යාමට වීසා ලබාගැනීමටයි. පිටරකට ගොස් සුසුදුසු රැකියාවක නිරතවෙමින් සැපවත් ජීවිතයක් ගත කිරීම බොහෝ ඉන්දියානුවන්ගේ සිහිනයක්.

උතුරු ඉන්දියාවේ තල්හාන් ගමේ පිහිටලා තියෙනවා වසර 150ක් පමණ පැරණි කෝවිලක්. බොහෝ සික් ජාතිකයන් රටින් පිටවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් මෙහි සරණ පතා  පැමිණෙනවා.

ඒ විතරක් නෙමේ ඔවුන් දෙවියන්ට සෙල්ලම් ගුවන් යානා පවා පූජා කරනවා.

තව කෝවිලක් පිහිටා තිබෙනවා තෙලගානා ප්‍රදේශයේ තෙල්කුර් බලාජි කෝවිල නමින්. මේක වෙන්වෙලා තියෙන්නෙ බලාජි දෙවියන්ට.

මෙහි සරණ පත යන බොහෝ දෙනෙක් පරිගණක ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයයි. මේ කෝවිල බොහෝ ප්‍රසිද්ධ වී තිබෙන්නේ පරිගණක ඉංජිනේරුවන්ට  ඇමරිකාවට යාමට පිහිට වන කෝවිලක් හැටියටයි.

temple3

temple4

temple5

temple6

temple7

temple2

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us