ජාතිවාදයට,දූෂණයට වංචාවට එරෙහි ඕන එකෙක් දිනවමු ! Featured

Saturday, 27 June 2015 09:22

මෙවර මැතිවරණය ජාතිවාදීන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට අපරාධකරුවන්ට තියුණු පරාජයක් අත් කර දෙන තීරණාත්මක මැතිවරණයක් බවට පත් කර ගත යුතුය. මෙරට මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදාය ආරම්බ කළ දින සිට එම ක්‍රමය බරපතලම අර්බූදයකට ලක් වූයේ පසුගිය රාජපක්ෂ පාලන සමය තුලය. දූෂිතයන්, වංචාකරුවන්, ජාතිවාදීන් පෙර යුගයේ සිටියා නමුත් මෙතරම් කලකණ්නි යුගයක් ඉතිහාසයේ තිබුණේ නැත.

අද පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරය යනු මේ ජනතා ද්‍රෝහී තක්කඩියන්ය. රටේ ජනතාවට යහපතක් වන අණපනතක් හෝ සම්මත කර ගැනීමට මේ පාර්ලිමේන්තුවෙන් නොහැකි විය. තමන්ගේ දේශපාලන ප්‍රතිවිරුද්ධවාදීන් මර්දනයට, තමන්ගේ බඩ ගෝස්තරයට, තමන්ගේ පවුලේ දියුණුවට, බලය පවත්වාගෙන යාම විනා වෙනකක් මේතුල දකින්නට ලැබුණේ නැත.

විධායක ජනාධිපතිවරයාගේ බලතල වැඩි කිරීම වෙනුවෙන් 18 වන සංශෝධය ගෙන එමින් කළ මජර ක්‍රියාවත් වත්මන ජනාධිපතිවරයා සිය බලතල අත් හැරීම වෙනුවෙන් පැහැදිලිව පෙනී සිටින විටත් 19 වන සංශෝධනය රටේ යහපත ගැන සිතා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැක්වූ විරෝධයත් මීට ඉතා හොඳ උදාහරණයන්ය. 20 වන සංශෝධය සම්මත කර නොගෙන ඒ තමතමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බයිට් එකකට ගත්තා මිස ඒ වෙනුවෙන් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අවංකව පෙනී සිටියේ නැත.

දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.. අගෝස්තු 17 නව පාර්ලිමේන්තුව සඳහා අලුත් මහජන නියෝජිතයන් පත් කර ගැනීමට නියමිතය. ඒ නියෝජිතයන් ගොන්නට මේ හිටපු තක්කඩියන්ද ඇතුලුවීමට උපරීම බලය හැකියාව යොදනු ඇත. ජනතාවගේ කරුමෙට මේ තක්කඩියන් නැවත පාර්ලිමේන්තු පැමිණීම සිදුවීම විය හැකි නමුත් පක්ෂ පාට ජාති ආගම් බේද නොසලකා මේ තක්කඩි රොත්තම පරාජය කිරීමේ හැකියාව සිහි බුද්ධියක් ඇති ජනතාවගේ වගකීමකි. ඒ වගකීම බැ‍ඳෙන්නේ තමන්ගේ දුවා දරුවන්ගේ ඥාතියාගේ හිතවතාගේ යහපත් අනාගතය සමඟය.

මේ නිසා මෙවර මහ මැතිවරණයේදී ජාතිවාදීන් ආගම්වාදීන් දූෂිතයන් වංචාකරුවන් අපරාධකරුවන් බොරු කාරයන් සියල්ල පරාජය කර ජන සම්මත වාදී ආණ්ඩුවක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරමු.

 

- ජනතා පාක්ෂිකයා

Last modified on Saturday, 27 June 2015 09:34

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us