facbook වලින් ඔයාව unfriend කරන අය හොයාගන්න

Published in අනං මනං
Wednesday, 08 July 2015 14:46

අද බොහෝ පිරිසක් ජීවත් වෙන්නෙ facebook ලෝකෙක. අල්ලපු ගෙදර එකා එක්ක කතා කරන්න වෙලාවක් නෑ.

ඒත් facebook එකෙන් ලෝකේ එහා කෙළවරේ ඉන්න එකත් එක්කත් චැට් කරනවා. ඒත් එක්කම facebook එකෙන් ඇත්තටම වැඩක් ගන්න මිනිස්සුත් ඉන්න බව අමතක කරන්න එපා.

දැන් facebook මිතුරෙකුගෙන් පළිගන්න පුළුවන් ප්‍රබලම ආයුධය තමයි තමන් අකමැති පුද්ගලයින් මිතුරු ලයිස්තුවෙන් unfriend කිරීම. මේ නිසාම facebook පරිහරණය කරන්නනන්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි තමන්ව මිතුරු ලැයිස්තුවෙන් unfriend කරන යහළුවන් හඳුනා ගැනීමට නොහැකි වීම.

ඒකට විසඳුමක් ලෙස unfriend කරන යහළුවන් සොයාගත හැකි app එකක් හඳුන්වා දී තිබෙනවා. මේ app එක වෙබ් browser එකක් ලෙස වගේම ජංගම දුරකථන සඳහාද යොදාගත හැකිවෙනවා.

මෙය නම් කර තිබෙන්නේ who Deleted Me ලෙසයි.

app එක install කරගත් පළමු මොහොතේ සිටම ඔබට තමන්ව එතෙක් කාලයකට unfriend කළ මිතුරු මිතුරියන්ගේ තොරතුරු සපයනවා. ඒවගේම කවුරු හරි යාළුවෙක් unfriend කරපු ගමන් ඔබට notification එකක් එනවා අදාළ මිතුරාගේ නමත් එක්ක.

මේ app එක පිළිබඳ තොරතුරු පහත ලින්කුවෙන් ඔබට ලබාගන්න පුළුවනි

https://www.deleted.io/  

ඒවගේම නවතම සමීක්ෂණයකට අනුව අනාවරණය වී තිබෙන්නේ අපේ දෙමව්පියන්ගේ පරම්පරාවට වැඩිය අපිට මිතුරන් සිටින බවයි. නමුත් ඒ මිතුරු සබඳතා දිගු කාලීන නොවූ ඉතා ඉතා කෙටි ඒවා බව එම වාර්තා පෙන්වා දෙනවා. unfriend කරපු අය හොයනවා වගේම ඒ ගැනත් ටිකක් හිතන්න වෙයි.

 

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us