ප්‍රගීත් එක්නැළිගොඩව අද දවසේ අවලංගුද ?

Monday, 20 July 2015 13:20

ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙ කව්ද කියල අපි හැමෝම දන්නවා. ඒ නිසා ඔහු ගැන අමුතුවෙන් සටහනක් තැබීමේ අවශ්‍යතාවයක් නොමැත. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වී පෙරේදාට (18) දින 2,000ක්. ඒ වෙනුවෙන් සහ සියලු අතුරුදහන්කිරීම්වලට එරෙහිව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ, පුතුන් දෙදෙනා වන සංජය හා හරිත් එක්නැළිගොඩගේ මූලිකත්වයෙන් මෝදර කාලි කෝවිලේ විරදම් අධිෂ්ඨාන පුජාවක් පැවැත්වූයේය. හැමදාමත් ඔවුන් සමග ප්‍රගීත් එක්නැළිගොඩ සොයාගැනීමේ අරගලයේ සිටි මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතාද එම අවස්ථාවට සහභාගී වී සිටියේය. දෙයියො බුදුන් ඇදහීම වෙනම කාරණයකි. ඒ පිළිබඳ අපට වෙනම කියවීමක් ඇත. නමුත් අද දවසේ ඔවුන්ට නොපෙනන දෙවියන්ගේ උපකාරය අවශ්‍යවී ඇත්තේ පෙනෙන මිනිසුන් විසින් අද දවසේ එක්නැළිගොඩලා අමතක කර ඇති බැවිනි.

ප්‍රගීත්ගේ අතුරුදහන්වීමට සෘජුවම ඇගිල්ල දිගුවන්නේ සුදුවෑන් සංස්කෘතියට මූලාරම්භය සනිටුහන්කල රාජපක්‍ෂලාටය. මන්ද පසුගිය කාලයේ රාජපක්‍ෂලාගේ කල්කිරියාව හොඳ බැවිණි. යහපාලන ආණ්ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද මූලික කරගත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රභල ඇමතිවරයෙක්ටද ප්‍රගීත්ගේ අතුරුදහන්වීමට ඇගිල්ල දිගුවිය.

මාධ්‍යවේදීන්ට තමන්ගේ අභිමතය පරිදි පෑන හැසිරවීමට නොහැකිවූ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ එක්නැළිගොඩලා බොහෝ පිරිසක් අතුරුදහන් වූවා මෙන්ම රට හැරයාමටද සිදුවූ බව නොරහසකි. තත්වයන් මෙසේ පවතිත්දී නොවැම්බර් 20 රාජපක්‍ෂලා එලවා දැමීමේ සටන ආරම්භවෙද්දී සන්ධා එක්නැළිගොඩ හා ඇයගේ දරුවන් දෙදෙනාද එම සටනට සක්‍රීයව මැදිහත් විය. ඒ යාහපාලන ආණ්ඩුවෙන් ප්‍රගීත් එක්නැළිගොඩට සාධාරණයක් ඉෂ්ඨකරගැනීම සඳහාය. ප්‍රගීත්ලා බොහෝ පිරිසකගේ කරමතින් පැමිණි යහපාලන ආණ්ඩුවේ පාලකයින්ටද අද දවසේ ප්‍රගීත්ලා ජීවත්වූ බවක්වත් මතක නැති ගානය. ප්‍රගීත් ගැන කතාකරන්න ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා මාස 6ක් ගතවී ඇතත් තවමත් ඔහු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථාවක් නොදුන්බවට සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය චෝදනාවක්ද කරයි. පසුගිය කාලයේ සන්ධ්‍යා සමග අරගලයේ යෙදුනු කිසිවෙක් අද නැත. අද දවසේ සන්ධ්‍යාට හුදකලා අරගලයක යෙදෙන්නට සිදුවීම පිළිබඳව අප සියළුදෙනාම අනිවාර්යයෙන්ම වගකිව යුතුය.

පසුගිය පාලන සමයේදී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරද්දී දහස් ගණනින් එක්රැස් වූ අකාරය අපට දකින්නට ලැබිණි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවූ පිරිසට සාධාරණය ඉෂ්ට කරන බවට පොරොන්දු වූ පාලකයන් එම පොරොන්දු කඩ කරද්දී ඒ වෙනුවෙන් හඬ නගන් අද දවසේ කිසිවෙක් නොමැත. රාජපක්‍ෂලාගෙන් බැට කෑ මිනිස්සුන් තවත් එක් දේශපාලන ව්‍යාපෘතියක ඉත්තන් වූ බව මෙම කාරණා ඒ ඒ විදිහට සිද්දවෙද්දී අපට තේරුම්යයි. නමුත් නැවත මැතිවරණයක් පැමිණ ඇති නිසා ප්‍රගීත්ලාද කරළියට පැමිණ ඇත.

මාධ්‍යවේදීන් හට තමන්ගේ අභිමතය පරිදි පෑන හැසිරවීමේ නිදහස අද දවසේ නැතුවා නොවේ. මා දන්නා ඉතිහාසය තුළ පළමු වතාවට බියක් සැකක් නැතිව විධායක ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ හැකියාවද අද දවසේ ඇත. සමාජ ක්‍රියාකාරිකයන්ට බියක් සැකක් නැතිව මහ රාත්‍රියක වුවද තනියම ගමන් කිරීමේ අවස්ථාව උදාවී ඇත. රාජපක්‍ෂලාගේ භීෂණය හමුවේ රටින් පළාගිය බොහෝ පිරිසක් නැවත ලංකාවට පැමිණ ඇත. නමුත් අනාගතය පිළිබඳ අපට චරිත සහතිකයක් දිය නොහැක. රාජපක්‍ෂලා බලයට පත්වීමට කලින් මෙරට පැවති ජනතා නැගිටීම් දෙකකදී තරුණ තරුණියන් 60,000ක් මැරුම් කෑ යුගයක්ද ඇති බැවිණි.

ජනතාව යහපාලන ආණ්ඩුව බලයට ගෙන ආවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනයක් අවශ්‍ය බැවිණි. ඒ පිළිබඳ විවාදයක් නොමැත. නමුත් රාජපක්‍ෂලාගේ තුවක්කු බටෙන් පහරකෑ කිසිවෙක්ට අද දවසේ සාධාරණය ඉෂ්ඨවී නොවීම යහපාලනය වෙනුවෙන් පෙනී සිටියවුන්ගේ දෝෂ දර්ෂණයට ලක්ව ඇත. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ බලව්‍යාපෘතීන්වලට එම අසාධාරණයන් යටපත්වී ඇති බව අද දවසේ දකින්නට ඇත. ඒ පිළිබඳ නිදසුන් ඕනෑතරම් තිබේ.

ප්‍රගීත්ලාගේ කරමතින් බලයට ආ පිරිස් අද දවසේ ප්‍රගීත්ලාව අමතක කළද සන්ධ්‍ය හා දරුවන් දෙදෙනා නොනවතින අරගලයක යෙදී සිටී. ජීවිතය ගැට ගහගන්න බත්පැකට් විකුණන සාන්ධ්‍යා තම සැමියා වෙනුවෙන්, දරුවන් දෙදෙනා තම පියා වෙනුවෙන් හෙට දවසේ යලි රාජපක්‍ෂලා සමග අරගල කරන්නට සිදු වුවහොත් එය අරුමයක් නොවන බවද සිහියේ තබා ගත යුතුය.

නිශාන්ත ප්‍රියදර්ශන

Last modified on Monday, 20 July 2015 14:07

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us