බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් Blue බලලා

Published in අනං මනං
Tuesday, 28 July 2015 14:38

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල  අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීමට උත්සහ කිරීම්  දිනකට 700 පමණ වන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් එළිදැක්වූ මෙම වාර්තාව පෙන්වා දෙන්නේ  වසරකට 250,000 ක් පමණ වාර ගණනක්  විවිධ අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීමට උත්සාහ ගෙන ඇති බවයි. මීට වසර දෙකකට පෙර නිකුත් කළ වාර්තාවල මෙම තත්ත්වය දිනකට 800 ප්‍රමාණයේ තිබූ බව පැවසේ.

 ගොඩක් උත්සහකිරීම්  සිදුව ඇත්තේ අන්තජාල භාවිතයේදී පෙන්වන කුඩා දැන්වීම් ඔස්සේ බව අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වයෙහි පවතින සුවිශේෂී තාවය වන්නේ  බ්‍රිතාන්‍ය රජය විසින් එරට සාමාන්‍ය ජනතාව තුල අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම සීමා කිරීමේ වැඩ පිළිවෙලක්  ක්‍රියාත්මක වන අවධියේ  මෙවැනි තත්ත්වයක් පෙන්වීමයි.

 මීට වසර දෙකකට පෙර එම වැඩපිළිවෙල පිළිබද හඳුන්වා දෙමින් ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කරනු ලැබුවේ අසභ්‍ය වෙබ් අඩවි ළමා කාලය විනාශ කර දමන බවයි. එයට විසඳුමක් ලෙස සෑම නිවසකටම අසභ්‍ය වෙබ් අඩවි අවහිර කළ හැකි ආකාරයේ තාක්ෂණයක් හඳුන්වා දෙනු ලැබුවා.

මෙම වාර්තා එළිදක්වනු ලැබුවේ එංගලන්තයේ ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ එරට express.co.uk  වෙබ් අඩවිය විසින්  කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.  

express අඩවිය ප්‍රසිද්ධ කර ඇති එම වාර්තාවට අනුව  පාර්ලිමේන්තුව මගින් තහනම් කරන ලද වෙබ් අඩවි අතරින් වැඩිම පිරිසක් පිවිසීමට උත්සාහ ගෙන ඇති වෙබ් අඩවිය වන්නේ sexymp.co.uk නම් වෙබ් අඩවියයි. මෙම අඩවිය වෙත පිවිසෙන්නන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තමන් ප්‍රිය කරන මන්ත්‍රීවරයාට තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතියි.

 මේ සංඛ්‍යා ලේඛන පිළිබඳ අදහස් දැක්වූ පාරිලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ  මෙවැනි වෙබ් අඩවි වෙත පිවිසීම වැලැක්වීම සඳහා පැහැදිලි සීමා මායිම් නිර්මාණය කර ඇති බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us