සැකකාර ළමයින්ද මනුෂ්‍යයෝය ! Featured

Sunday, 04 October 2015 09:36

එක පැත්තකින් බෙර ගහගෙන නටාගෙන ළමා දිනය සමරන අතරෙ ලංකාවෙ පොලීසියත් ජනමාධ්‍ය ආයතන වල සමහරක් බහුතරයකුත් එකතු වෙලා මහා අපරාධකාරයෙක් බවට පත් කරපු සේයා දැරිය ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත්තාය කියපු 17 හැවිරිදි පාසල් දරුවා අධිකරණයෙන් නිදහස් උනා. එක ජීවිතයක් නැති උනු එකේ පරීක්ෂණ පමාව ගැන තමුන්ට එන චෝදනාවෙන් ගැලවෙන්න පොලීසිය බිල්ලට ගත්තේ ඒ කොල්ලාව. විකිණෙන ඕනෙම මඟුලක් කුණු රහට පල් කර කර පළ කරන ජඩ මාධ්‍ය ආයතන ඉතුරු හරිය වවාගෙන කෑවා. දින ගණනාවකට පස්සේ යන්තම් ඒ දරුවා චෝදනාවෙන් ගැලවුණා.

ඒත් ලංකාවෙ සමාජය තියෙන තැනේ හැටියට මේ ළමයා මින් ඉදිරියට සමාජයට මුහුණ දෙන්නේ කොහොමද ? පාසලේ දි පන්ති වලදි බස් හෝල්ට් එකෙදි මහ පාරෙදි එයාට විහිළුවට අවඥාවට ලක් වෙන්නෙ නැතිව ඉන්න හැකිවෙයිද ? එහෙම දිගින් දිගට පීඩා විඳින්න උනොත් මේ ළමයා සමාජයට වෛර කරන කෙනෙක් නොවී ඉඳීවිද ?

බොහෝ වෙලාවට ලංකාවෙ පොලීසිය පරීක්ෂණ කියලා කරන්න දන්නෙ කාව හරි උස්සන් ගිහින් ඌට එල්ලලා ගහලා, නොයෙකුත් වධ දීලා අන්තිමේ පාපොච්චාරණය කියලා මොකක් හරි එකක් අරන් උසාවි දාන එකයි. කොහොමත් මේ පොලීසිය කතන්දර කියන්න උනන්දුයි වගේම ඕනෙම බොරුවක් ඇත්තවගේ කියන්න කිසිම විලිල්ලැජ්ජාවක් දක්වන්නෙත් නෑ කියලා පහුගිය කාලෙ ඔප්පු කරේ සැකකරුවන් ආයුධ පෙන්නන්න කියලා එක්කන් ගිහින් එකම ක්‍රමයට මරාදාපු එකෙන්. මෙතෙන්දි ඒ පොලීසිය කරේ අර කොල්ලාගෙ චරිතය ඝාතනය කරපු එක. ඔය වයසෙ කොල්ලෙක්ගෙ ලැප් ටොප් එක්ක අසභ්‍ය දර්ශන තිබුණා නම් ඒක ලෝකෙට අඬබෙර ගහලා කියන්න තරම් දෙයක් නෙවෙයි. ඇත්තටම එහෙම ගෑවිච්චි දෙයක්වත් නොතිබුණා නම් තමයි පුදුම වෙන්න ඕනි. මොකද අපි ගූගල් එකෙන් සෙක්ස් හොයලා ලෝකෙම්ම අංක එකට ආපු අභිමානවත් ජාතියක් නිසා. දැරිය ඝාතනයෙන් ඇති උනු කැළඹීම මැද්දෙ පොලීසිය තමුන්ගෙ නොහැකියාව වහගත්තෙ අහිංසක ජීවිතයක් බිල්ලට තියලා.

ඊ ළඟට තිබුණේ සදාචාරය කියන එක මොකද්ද කියලා අහලාවත් නැති ජඩ මාධ්‍යවල කොටස. ලංකාවෙ ලේසියෙන්ම විකුණන්න පුළුවන් වෙන්නෙ කුණු රසය කියන්න හොඳට ම දන්න නිසා එයාලා මුළින්ම දැරියගේ මළ සිරුරෙ ඡායාරූප විකුණුවා. ඊට පස්සෙ අහුවුණේ මේ ශිෂ්‍යායි. චෝදනාවක් විතරක් එල්ල වුණු, ඒක තහවුරු වෙන සාක්ෂි මොකුත් ඒ වන තුරු නොලැබුණු පාසල් ළමයෙක්ගෙ නම්බුව අන්තිම නින්දිත විදිහට තම තමුන්ගෙ මාළු ලෑලි මාධ්‍යවල තියාගෙන එයාලා කෑලි කප කපා විකුණුවා. සල්ලි කන්දක් ඉස්සරහ උනත් පාහර වැඩක් නොකර ඉන්න ජනමාධ්‍යවේදියෙක් ඉගෙන ගන්න ඕනි. ඒත් අවාසනාවට මේක ලංකාව.

අවසානයෙදි ළමයා උසාවියෙන් නිදහස් උනා. ඒත් ඒ ළමයගෙ අනාගතය වෙනුවෙන් එයා ළඟ ඉන්න අයට බොහොම බුද්ධිමත්ව වැඩ කරන්න වේවි. ඒ වගේම මෙතනින් හරි පාඩමක් ඉගෙන ගෙන මේ රටේ පොලීසියත් මාධ්‍යත් සිද්ධියකදි පස්ස පැත්තෙන් කල්පනා කරනවා වෙනුවට ඔළුවෙන් කල්පනා කරලා වැඩ කරන්න ගන්න වේවි. එතකල් එක පැත්තකින් අපරාධකාරයො නිදැල්ලෙ ඉද්දි හොඳට ඉන්න උන් අපරාධකාරයො වෙන්න බලෙන් තල්ලු කරන තත්වෙ එහෙම්ම තියේවි. හොඳම දේ දරුවන්ට කියලා හත් පොලේ අතගහන් කයිවාරු ගැහුවට වැඩක් වෙන්නෙ නෑ, කොයි දරුවත් දරුවෙක් කියලා හිතන්න පුරුදු වෙන්න ඕනි.

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us