රාජපක්ෂගේ පැමිණීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට මරු පහරක් - ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි Featured

Monday, 29 October 2018 11:51

මහින්ද රාජපක්ෂගේ නැවත බලයට පැමිණීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජන ජීවිතයට නැවතත් මරු පහරක් බව අල් ජසීරා පුවත් අඩවිය පවසනවා. දෙමළ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව එක් විය යුතු බව එහි මාධ්‍යවේදී මාරියෝ අරුල්දාස් සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

2005 - 2015 අතර කාලයේදී මහින්ද රාජපක්ෂ විසින් සිය විරුද්ධවාදීන් හා සුළු ජාතිකයන් බිය ගන්වමින් රට තුළ ඒකාධිපති පාලනයක් ගෙන ගිය බව පවසන ඔහු එහිදී දේශපාලනඥයන්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන් ඇතුළු රාජපක්ෂ රජයට විරුද්ධව ක්‍රියා කළ සියල්ලන් මර්දනය කළ ආකාරය පෙන්වා දී තිබෙනවා. එම කාලය තුළ සිදුවූ අඩන්තේට්ටම්, පහර දීම් හා ඝාතනය කිරීම් පිළිබඳව ද මාරියෝ අරුල්දාස්ගේ ලිපියේ සඳහන්. කෙසේ නමුත් රාජපක්ෂගේ මේ පැමිණීම 2015 ජනවාරි 08 රාජපක්ෂට විරුද්ධව නොබියව හඬ නැඟූ සියලු ක්‍රියාකාරීන් ගේ ජීවිත අනාරක්ෂිත කර තිබෙන බව ඔහු පවසනවා.

ලිපියේ ඇති තවත් කරුණු :

රාජපක්ෂ සොයුරු ගෝඨාභය රාජපක්ෂ සිය සහෝදරයා ජනාධිපතිවරයාව සිටි කාලයේ ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළා. ඒ යුයේ රටේ සිදු වූ අපරාධ රැල්ල හා 2009 වසරේ ශ්‍රී ලංකා හමුදාව හා LTTE සංවිධානය අතර පැවති අවසන් සටනේදී උතුරේ දෙමළ ප්‍රජාව අසාධාරණ හා දුක්ඛිත සිදුවීම් වලට මුහුණ දුන් ආකාරය අමුතුවෙන් කිව යුතු නොවේ. ගෝඨාභය රාජපක්ෂගේ නැවත ආගමනය විරුද්ධවාදීන්ගේ හඬවල් මර්දනය කරමින් ප්‍රචණ්ඩත්වය නැවත හිස එසවීමේ අවදානමක් ඇති කරන බවට දෙමළ ප්‍රජාව දැන් භීතියට පත් වී ඇත.

රාජපක්ෂවරුන් 2015දී තමන්ට බලය අහිමි වීමත් සමඟම නැවත බලයට ඒම සඳහා විවිධ උපක්‍රම දියත් කළා. රාජපක්ෂ නැවත කවදා හෝ බලයට එන බව දමිළ ක්‍රියාකාරිකයන් දැනගෙන සිටියා. දැන් ඔවුන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ ආරක්ෂිත උපක්‍රම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

“ රාජපක්ෂගේ පැමිණීම මම බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් ඒක දැනගත් ගමන්ම මම භීතියටත්, බලාපොරොත්තු අතහැර ගන්න තත්වයකටත් පත් වුණා. දැන් අපි තවදුරටත් ආරක්ෂිත නැහැ. “ දශකයක් පුරා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් බැට කෑ අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් හඬ නැගූ ද්‍රවිඩ කාන්තාවක මා සමඟ පැවසුවේ එහෙම දෙයක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සියලු දෙනාම රාජපක්ෂගේ පැමිණීම ගැන කලබල වී නැහැ. 2009 දී සිවිල් යුද්ධයෙන් LTTE සංවිධානය පරාජය කළ පසු සිංහල ජනතාව එය සැමරූ ආකාරයෙන් ම රාජපක්ෂගේ පැමිණීම සමරන ආකාරය දකින්නට ලැබුණා. එක් පසෙකින් එහෙම වෙද්දි අනෙක් පස ජනතාව තමන්ගේ අහිමි වූ නිවාස, දේපළ, සී සී කඩ විසිරුණු පවුල් හා අතුරුදන් වූ දූ දරුවන් හෝ මිය ගිය සාමාජිකයන් වෙනුවෙන් තමන්ගේ හිතේ පැවති ශෝකය හා කණස්සල්ල නිහඬව විඳ දරා ගත්තා. ඇතැමුන් විදෙස්ගත වුණා.

“ අද මේ අය ආපහු රාජපක්ෂගේ පැමිණීම උත්සවාකාරයෙන් සමරනවා. ඒ අතරෙම අපි පහුගිය අවුරුදු තුනේදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා දැන් ඒ සියල්ල අහිමි වේවි යැයි බයෙන් පසුවෙනවා. එදා අපි නිශ්ශබ්ද වෙලා හිටියා. අතීතයේ සිද්ධ වුණ දේවල් නැවත නැවත සිදු නොවිය යුතුයි. අපේ ජීවිත දැන් තියෙන්නේ ලොකු අවදානමක.“

සිවිල් යුද්ධයේදී සිය සහෝදරයා අතුරුදන් වූ දෙමළ පුද්ගලයෙක් මා සමඟ ඒ වගේ අදහසක් පළ කළා.

 - සු.භා.

https://www.aljazeera.com/indepth/opinion/sri-lanka-tamils-imminent-risk-rajapaksa-return-

Last modified on Monday, 29 October 2018 12:00

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us