පෙර‍ටුගාමීන් මහින්දට කළගුණ සැලකිය යුත්තේ මන්ද? Featured

Friday, 02 November 2018 13:54

කළගුණ සැලකීම හොඳ දෙයකි. ඒක මේ රටේ උතුම් සිරිතක් ලෙස සැලකේ. දේශපාලනයේදී ද කළගුණ සැලකීම සිදු වෙයි. 2010 දී මහින්ද රාජපක්ෂ ඡන්දය ඉල්ලුවේද තමන්ට කළගුණ සලකන ලෙස ඉල්ලමිනි.

පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂය තමන්ගේ ඇත්ත ස්වාමියා වෙත කළගුණ සැලකීම 2015 ජනාධිපතිවරණයේදී ද සිදු විය. ඒ කුමාර් ගුණරත්නම්ට මෙරටට පැමිණීම සඳහා ගෝඨ බැසිල් දෙසොයුරන් කළ උදව්වට හිලව් වශයෙනි. එදා රටේ ප්‍රගතිශීලී බලවේග සියල්ලම මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී රෙජීමය පරාජය කිරීම වෙනුවෙන් මැදිහත්ව සිටින විට පෙර‍ටුගාමීන් සිදු කළේ මහින්ද රාජපක්ෂගේ කඳවුර බේරා ගැනීම සඳහා මතවාදි සහය ලබා දීමය.

වත්මන් යහපාලන අඩුව බිහිවීමෙන් අනතුරුවත් පෙර‍ටුගාමීන් සිදු කරනු ලැබුවේ. වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව එදිරියට දමා රජයේ කටයුතු අඩාල කිරීමට කටයුතු කිරීමය.

අද මේ මොහොතේ ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කුමන්ත්‍රණය පරාජය කරනවා වෙනුවට පෙරටුගාමීන් මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය ‍රැක දීම වෙනුවෙන් ඊට එරෙහි පාර්ශ්ව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් තිබේ. විශේෂයෙන්ම සමාජ ජාලා තුල ප්‍රගතිශීලී බලවේගවලට පහර දීම සිදු කරමින් තිබේ.

බැසිල් ගෝඨා 2015 දී කළ උදව්ව කවුරුත් හිතනවාට වඩා විශාල එකක් බව මේ අනුව පැහැදිලිය. ඒ නිසා පෙර‍ටුගාමීන් රාජපක්ෂලාට කළගුණ සලකනවා විනා වෙන මොනවා කරන්න ද? 

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us