ජනාධිපතිතුමනි, මේ අහන්න.. - නීතිඥ උපුල් කුමරප්පෙරුම Featured

Sunday, 04 November 2018 01:34

ජනාධිපති තුමනි,

රටෙහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ පරමධිපත්‍යය ආරක්ෂා කල යුතු පලමු පුද්ගලයා ලෙස සිටිමින් ඔබ ඔබගේ පුද්ගලික අපේක්ෂා මුදුන් පත් කර ගැනීම සදහා එම වගකීම් පැහැර හරී නම් ඔබ රටෙහි ව්‍යවස්ථාවට මෙන්ම ජනතාවටද පිටුපා ඇති බව මගේ හැගීමයි.

මා එසේ කියන්නේ ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතරය ඔබට ලබා ගත හැකි බවට කර ඇති ප්‍රකාශයක් නිසාය. ඔබ පවසා ඇත්තේ වෙනත් පක්ෂයකින් ඔබ වෙත කණ්ඩායමක් පැමිණීමට නියමිත බවෙකි.

ඔබ මේ වන තෙක් ඔබගේ බලය ස්ථාවර කර ගැනීම සදහා ඔබ වෙත එකතු කර ගෙන ඇති මන්ත්‍රී වරු සැලකීමේදී එම මන්ත්‍රී වරුන් අතර සිටිනා සමහරක් මන්ත්‍රීවරුන් ලබාගත් ජන්දය ඔබ හෝ ඔබ පක්ෂය වෙනුවෙන් ලබා දුන් ජන්දයක් බව පෙනී නොයයි. එම මන්ත්‍රීවරුන් පරීක්ෂා කිරීමේදි සහ ඔවුන් සම්බන්ධයෙන් සමාජයේ ඇතිවී ඇති කතිකාවත සැලකීමේදී පෙනෙන්නේ ඔවුන් යම් ආකාරයක පෙලඹවීමක් මත ඔවුන්ගේ පක්ෂය සහ ජන්දදායකයා අතහැර පැමිණ ඇති බවයි.

මෙය වඩාත් සාක්ෂාත් වන්නේ ඔබ සමග සිටින සගයන් විරුද්ධ පක්ෂ සාමජිකයනට ලබා දුන් දුරකථන පනිවිඩ මගිනි. ඒවායේ ඔබ සමග සිටින සගයන් විරුද්ධවාදීයෙකුට සලකන ආකාරය පැහැදිලිව දක්වා ඇත. එසේම සැලකිය යුතු ආකාරයද දක්වා ඇත.

ඔබ විසින්ද ඔබ වෙත අනාගතයේ දී පැමිනෙන්නෝ සම්බන්ධයෙන් දක්වා ඇති තොරතුරු පරික්ෂා කිරීමේදී පෙනෙන්නේ ඔබ රටෙහි ජන්දදායකයා පරයමින් ඔබගේ අවශ්‍යතාවය අනුව කටයුතු කරන බවයි.

ජනාධිපතිතුමනි

මේ සෑම කාරණයක්ම ඔබ හට පවසන්නේ ඔබ විසින් බලයට පත්වීමට පෙර මෙරටෙහි ජනතාව වෙත ලබා දුන් පොරොන්දු අතර මේ කාරණා ද පවතින නිසාය. එසේම ඔබ අපටද ඔබගේ පාලනය තුල ජනතාවගේ ජන්දයට සැබෑ වටිනාකම ලබා දෙන බවට පොරොන්දු වූ නිසයි.

ජනාධිපතිතුමනි ඔබ විසින් යහපාලනයක් ගෙන එන බවට පොරොන්දු වෙමින් එදා පැවති පාලනය සම්බන්ධයෙන් ගෙන ආ විවේචනයන් සමග අද කෙසේ ඔබව එම කණ්ඩායම විශ්වාස කරන්නෙ දැයි මට නොහැගේ. එහෙත් රටෙහි බහුතරයක් පෙර කී විවේචනයන් සමග ඔබව විශ්වාස කර තිබියදී ඔබ විසින් එම විශ්වාසය බිද දැමීමෙන් ඔබව විශ්වාස කල කොටසක් ඔබට අහිමි වී ඇති බව කියා සිටිමි.

මේ කාරණා සියල්ල සලකා බැලීමේදි පෙනි යන්නෙ ඔබ ජනතාවගේ නායකයා වශයෙන් නැවත පත්වීමට දුරස්ථ බාවයක් ඇති බවයි.

ස්තුතියි ,

උපුල් කුමරප්පෙරුම

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us