දරුවන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී කැරැල්ලක් ඕණෑ කර තිබේ ! Featured

Thursday, 15 November 2018 13:17

නීත්‍යානුකූලව මහජන ඡන්දයෙන් ‍තෝරාපත් කර ගත් ආණ්ඩුවක් නීත්‍යනුකුල නොවන ලෙස ලෙස පෙරළා දමා මීනිමරු කල්ලියකට රට බාර දීමට ජනාධිපති සිරිසේන ගන්නා දැවැන්ත උත්සාහය මේ රටේ සිදු වූ කාලකන්ණිම දේශපාලන කුමන්ත්‍රණය වනවාට සැක නැත. 

නූගත් මෝඩ ගැමියකු වන සිරිසේනව ජනාධිපතිධුරයට ඔසවා තැබිමේ වන්දිය දැන් සමස්ථ ශ්‍රී ලාංකිකයාටම ගෙවන්න සිදුව තිබේ. මහින්ද රාජපක්ෂ තමන්ගේ පාලන සමයේදී සිරිසේනට අගමැතිකම නොදී සිටියේ ඇයිද යන්න ද දැන් පැහැදිලිය.

මේ මෝඩයාගේ මෝඩකම පාවිච්චි කරමින්  රාජපක්ෂලා දැන් බලය ඩැහැගැනීම මීනිමරු රාජපක්ෂලාගේ වරදක් නොව මේ මෝඩ තකතීරුවාව ජනාධිපතිධුරයට ඔසවා තැබූ 62 ලක්ෂයක් ඡන්දදායකයාගේ වරදකි.රාජපක්ෂලා කොහොමත් එහෙමය බලය වෙනුවෙන් සිය දහස් ගනනක් වුව මරා දැමිමට ඔවුන් සූදානම්ය. සිරිසේනව ජනාධිපති තනතුරෙහි තැබුවේ මේ ම්ලේච්ඡ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කර යහපාලනය පිහි‍ටුවන්නටය. ඒත් ඒ වෙනුවෙන් ‍තෝර ගත්තේ මොඩ තකතීරුවෙකි.

මෙය දැන් නිවැරදිකර දීමේ වගකිම ඇත්තේ මේ 62 ලක්ෂය කර මතය. දැන් කළ යුතුව තිබෙන පළමු කාරිය මේ මෝඩ තකතීරුවාව ජනාධිපති පු‍ටුවෙන් එලවා දැමීමය. බලයට අසීමිතව කෑදර මේ මෝඩයා කිසිසේත්ම මේ බලය අත් හැරීමට සූදානම් නැත. ඔහුට රටේ පිළිගත් නීති රීතිවලින් වැඩක් නැත. තමන්ට හිතෙන දේ නිවැරදි යැයි කල්පනා කර වැඩ කරන ජඩයෙකි.

ඔහුට උත්තර දිය යුතුව ඇත්තේද ඒ ජඩ ආකාරයෙන්ම මිසක නීතියෙන් නොවේ. එය කල්ගතවන අසාර්ථක විය හැකි මෙහෙයුමකි. මේ රටේ විධායකයේ ව්‍යස්ථාදායකයේ සහ අධිකරණයේ පරමාධිපතය ඇත්තේ ජනතාවටය . එය ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියකි. ඒ අයිතිය දැන් පාවිච්චි කිරීම විය යුතුව තිබේ.

මේ කාලකන්ණියාව වහාම පන්නා දැමීම සඳහා 62 දෙලක්ෂයක ඡන්දදායකයා පාරට බැසිය යුතුය, මේ කාලකන්ණියාව එළවා දැමිය යුතුය. එය වහ වහා සිදු විය යුතු හදිසි කාරණාවකි. එසේ නොවුණ හොත් මේ රට තුන් බියෙන් ඇවිලුනු විසාලාවක් වීම වැලැක්විය හැකි නොවේ. ඒ සියළු ඛේදවාචකවල වන්දිය ගෙවන්න වන්නේ අපේ දූ දරුවන්ටය. ඔවුන්ගේ යහපත් අනාගතය වෙනුවෙන් මේ කාලකන්ණි අසමජ්ජාති දේශපාලුවන්ව පන්නා දැමීම විය යුතුය.

ඔව් අදම එය විය යුතුය.

Last modified on Thursday, 15 November 2018 13:26

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us