ලෝකයක් බලා සිටී ඉන්දියාවෙන් ඇසුණු සුබදායි පුවත

Published in විදෙස්
Wednesday, 29 November 2023 10:23

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රදේශයේ උමගක් තුළ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා ආරක්ෂිතව මුදාගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ සහන සේවකයින් විසින් සාර්ථකව එම කම්කරුවන් පිරිස මුදාගෙන ඇති බවයි.

කම්කරුවන් කිසිවෙකුට තුවාලයක් හෝ සිදුව නොමැති බවත්, ඔවුන් නිරුපද්‍රිතව සිටින බවත් සදහන් වේ.

එහෙත් එම කම්කරුවන් සියලු දෙනා වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් සඳහා ළගම පිහිටි රෝහල වෙත ඇතුළත් කර ඇත.

කම්කරුවන් පිරිස සිටි ස්ථානය ආසන්නයෙන් කුහරයක් නිර්මාණය කර ඒ තුළින් අඩි 03 ක පමණ විශ්කම්භයක් නිර්මාණය කර ඔවුන් එකිනෙකා මුදාගැනීමට සහන සේවකයින් කටයුතු කර තිබුණි.

නායයාමක් හේතුවෙන් අදාළ උමගෙහි කොටසක් කඩාවැටීම හමුවේ කම්කරුවන් 41 දෙනා ඒ තුළ සිරවුණේ ඉකුත් 12 වැනිදා ය.

-P.M

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us