ජාත්‍යන්තර සහාය තිබුණත් නැතත් ගාසා තීරය විනාස කරනවා - ඊශ්‍රායල අගමැති දැඩි තීරණයක

Published in විදෙස්
Thursday, 14 December 2023 11:26

ජාත්‍යන්තර සහාය තමන්ට තිබුණත් නැතත්, ගාසා තීරයට දිගටම පහරදී, හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, කිසිදු වග විභායකින් තොරව, ගාසා තීරයට එල්ල කරන බෝම්බ හේතුවෙන්, ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවී යනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමිනි.

ගාසා තීරයේ යළි සටන් විරාමයකට යන්නේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් යැයි ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවධාරණය කර තිබේ.

ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවී යනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කිරීමේ ‘නොබැඳි’ යෝජනාව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කර ගැනීමත් සමඟය.

‘නොබැඳි’ යෝජනාව සම්මත වූයේ රටවල් 153 ක් ඊට ඡන්දය ලබා දෙමිනි. යෝජනාවට රටවල් 23 ක් විරුද්ධ වූ අතර, ඇමෙරිකාව ද ඒ අතර සිටී. ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පෙන්වා දෙමිනි.

එසේ වුවත්, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව, ඇමෙරිකාව දිගින් දිගටම අවධාරණය කර තිබේ. මේ වනවිට යුරෝපා රටවල් බොහොමයක් ද ඊශ්‍රායලයෙන් දුරස් වී සිටින බව දකින්න ලැබේ.

මේ අතර තම පාලනයෙන් තොර ගාසා තීරයක් ගැන සිතීමෙන් පලක් නැතැයි හමාස් ප්‍රධානී ඉස්මායිල් හානියේ පවසයි.

හමාස් ප්‍රධානියා මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ පැවැතිය යුත්තේ තමන්ට හිතවාදී පාලනයක් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

‘ගාසා තීරයේ හමාස් සංවිධානය විනාශ කරමින්, ඔවුන්ට හිතවත් කණ්ඩායමක් බලයට ගේන්න ඊශ්‍රායල උත්සාහ ගන්නේ නම්, ඒක විහිළුවක්. සැබෑ නොවන සිහිනයක්.’ යැයි හමාස් නායකයා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

 

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us