ෂෙයික් හසීනා අගමැති කළ බංග්ලාදේශ මහ මැතිවරණය සාධාරණ නැහැ - අමෙරිකාව කියයි

Published in විදෙස්
Tuesday, 09 January 2024 09:40

අගමැති ෂෙයික් හසීනාට පස්වන වරටත් බලයට පත්වීමට අවස්ථාව ලබාදුන් බංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සහ අනෙකුත් නිරීක්ෂකයන්ගේ අදහස් අනුව මෙම ප්‍රකාශය සිදුකරන බවය.

මැතිවරණය තුළදී සහ ඊට පෙර බංග්ලාදේශය තුළ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ද ඒ සම්බන්ධයෙන් එරට රජය වගකිව යුතු බව ද අමෙරිකාවේ අදහසයි.

කෙසේවුවද නිදහස් සහ විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා වන සාමූහික දැක්ම ඉදිරියට ගෙන යාමට බංග්ලාදේශය සමග තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

96 දී ප්‍රථම වරට අගමැති ධුරයට පත් වූ සහ 2009 දී නැවත තේරී පත් වූ ෂෙයික් හසීනා එතැන් සිට බලයේ රැඳී සිටින පස්වන වාරය මෙය වනවා.
ඒ අනුව 76වැනි වියේ පසුවන ෂෙයික් හසීනාට තවත් වසර පහකට බලය හිමිවේ.

මේ අතර බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් යළිත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

ෂෙයික් හසීනා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ ෂෙයික් හසීනා මෙතෙක් බංග්ලාදේශ ජනතාවට ලබා දුන් දක්ෂ හා දූරදර්ශී නායකත්වය මෙම විශිෂ්ට ජයග්‍රහණයට ඉවහල් වූ බවයි.

ෂෙයික් හසීනාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සමීප සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිය සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ඉදිරියේ දී එම සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරටේම ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.

-P.M

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us