දරුණු ආර්ථික අර්බුදය පාලනය කරන්න කියුබාව ඉන්ධන මිළ පස්ගුණයකි ඉහළ දමයි

Published in විදෙස්
Thursday, 11 January 2024 12:07

දරුණු ආර්ථික අර්බුදයකට සහ මුදල් හිඟයකට මුහුණ පා සිටින කියුබාව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන මාසයේ සිට ඉන්ධන මිල පස්ගුණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් එරට පේසොස් මුදල් ඒකකයෙන් 25ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල පෙබරවාරි 1 වැනිදා සිට පේසොස් 132 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෙට්‍රල් මිලට අමතරව ඩීසල් සහ වෙනත් ඉන්ධන වර්ගවල මිල ද ඉහළ දැමීමට තීරණය කර ඇතැයි කියුබාවේ මුදල් ඇමැති ව්ලැදිමිර් රෙගෝරියෝ ප්‍රකාශ කර තිබේ. මීට අමතරව ජනාකීර්ණ නගරවල විදුලි බිල 25%කින් ඉහළ දැමීමට සිදුවී ඇතැයි ද, ඊට සමගාමීව ස්වභාවික ගෑස් මිල ද ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us