කේට් කුමරිය ලෙඩ වෙයි

Published in විදෙස්
Thursday, 18 January 2024 15:05

වේල්සයේ කුමරිය වන කැතරින් හෙවත් කේට් ආදිපාදවරිය හදිසි සැත්කමකට බඳුන් වී තිබේ

විදෙස් ආරංචි මාර්ග සදහන් කරන්නේ උදරයේ ශල්‍යකර්මයක් හේතුවෙන් රෝහල්ගතකර ඇති බවයි.

කෙසේ වෙතත් ශල්‍යකර්මයට හේතුව පැහැදිලි නොවන අතර ඇය දින 10 සිට 14 දක්වා රෝහල්ගතව සිටීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති අතර රාජකීය මූලාශ්‍රයක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ 42 හැවිරිදි ඇගේ තත්වය පිළිකා තත්වයක් නොවන බවයි.

මේ අනුව තවත් මාසයක පමණ කාලයක් ඇය රාජකීය රාජකාරිවලින් ඉවත් ව සිටිනු ඇති බවට වාර්තා වේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද ලබන සතියේ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නියමිත ව සිටින බව රාජකීය පවුල අනාවරණ කර තිබේ.

පුරස්ථ ග්‍රන්ථියට සම්බන්ධ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන රජු ද කෙටි කාලයක් රාජකාරිවලින් බැහැර ව සිටින බව සඳහන්ය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us