අමෙරිකාව තවත් ප්‍රහාරයකට සැරසේ

Published in විදෙස්
Friday, 02 February 2024 09:03

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා වන අමෙරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර අමෙරිකානු භටයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉරාන සහාය ලබන මිලීෂියා කණ්ඩායමට චෝදනා එල්ලවී තිබුණි.

අදාළ කණ්ඩායමට ඉරානයේ සහාය ලැබෙන බව අමෙරිකාව ප්‍රකාශ කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කරයි.

එම ප්‍රහාරයෙන් අමෙරිකානු භටයන් 41 දෙනෙකු තුවාල ලැබූ අතර අමෙරිකාවට එල්ල වන ප්‍රහාර ඉවසා නොසිටින බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා තිබුණි.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us