ජනාධිපති ජෝ බයිඩන් වෙනුවට හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා

Published in විදෙස්
Wednesday, 28 February 2024 10:31

ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙනුවට එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා ප්‍රමුඛ තේරීම බව මත විමසුමකින් හෙළි වී තිබේ.

ඡන්ද විමසීමේදී ඡන්දය දුන් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂකයාට එරෙහිව සටන් කිරීම සඳහා බයිඩන් හැර වෙනත් අයෙකු සඳහා ඔවුන්ගේ තේරීම ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඡන්දය ප්‍රකාශ කරන ලද ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් 48%ක් පමණ සඳහන් කර ඇත්තේ, නොවැම්බරයේ මැතිවරණයට පෙර ජෝ බයිඩන් වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු සොයා ගැනීම තමන් අනුමත කරන බවය.

එය අනුමත නොකරන 38%ට සාපේක්ෂව, ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් සියයට 33ක් පමණක් ඡන්ද සෙලවීමක් සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

81 හැවිරිදි ජෝ බයිඩන් වෙනුවට වෙනත් විකල්ප අතර මිෂෙල් ඔබාමාට ඡන්ද සියයට 20ක් පමණ ලැබී තිබේ.

-P.M

Last modified on Wednesday, 28 February 2024 10:50

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us