ජපානයේ ප්‍රබල භූ කම්පනයක් - ඉන්දියාවත් සෙලවෙයි

Published in විදෙස්
Friday, 15 March 2024 08:49

රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක්, ජපානයේ ෆුකුෂිමා හිදී සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි භූ කම්පනය සිදුවී ඇත්තේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 50ක් අභ්‍යන්තරයෙනි .

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම ඒජන්සිය වැඩිදුරටත් පවසයි.

සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ .

මේ අතර, ඉන්දියාවේ, චෙන්නායි නගරයට ආශ්‍රිතව තවත් සුළු භූ චලනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංග 3.9ක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ආන්ද්‍රා ප්‍රාන්තයේ තිරුප්පති සිට කිලෝමීටර් 58ක් නැගෙනහිර දෙසින් සහ භූමියේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් එහි මධ්‍ය ලක්ෂය පිහිටා තිබූ බවයි සඳහන් වන්නේ.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us