විශිෂ්ට ජයක් අත්කරමින් පස්වැනි වරටත් පුටින් ජනපති ධුරයට

Published in විදෙස්
Monday, 18 March 2024 08:34

නැවත වරක් රුසියානු ජනාධිපතිධුරය සඳහා ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බවය.

මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවට වාර්තා වේ.

කෙසේවෙත් මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයක් නොමැති බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

2024 රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය 16 වනදාය.

මෙවර විදේශයන්හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවිය.

කලාප 29ක පළමුවරට ඡන්දය පාවිච්චි කරන්නන්ට මාර්ගගත ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.

2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති පුටින් 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත්විය.

ඒ වසර 4ක ධුර කාල දෙකක් සහ වසර 6ක ධුර කාල දෙකක් ලෙසිනි.

2021 වසරේදී ජනපති පුටින් අත්සන් තැබූ නියෝගයකට අනුව ඔහුට තවත් ජනාධිපතිධුර කාල දෙකකට තරග කළ හැකිය.

ඒ අනුව ජීවත්ව සිටියොත් 2036 වසර වනතුරු ඔහුට රුසියානු ජනාධිපතිධුරය දැරීමේ අවස්ථාවක් පවතී.

-P.M

Last modified on Monday, 18 March 2024 09:29

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us