පාප් වහන්සේ විශ්‍රාම යයි ද?

Published in විදෙස්
Wednesday, 20 March 2024 18:41

පාප් පදවියෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බවත් ජීවිත කාලය පුරාම තනතුරේ රැඳී සිටීමට සැලසුම් කර ඇති බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කරයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජීවිත කතාව ඇතුලත් “Life: My Story through History” ස්වයං චරිතාපදානය ඇතුලත් ග්‍රන්ථය එළිදක්වමිනි.

87 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, සෞඛ්‍ය ගැටලු රැසකින් ඉල්ලා අස්විය හැකි යැයි අනුමාන කිරීම් තිබියදීත්, ඉල්ලා අස්වීමේ “අවදානමක්” නොමැති බව එම ග්‍රන්ථයේ ද සදහන්ය.

පාප් වහන්සේලා දෙදෙනෙකු එකවර ජීවතුන් අතර සිටින අවස්ථාවක් වළක්වා ගැනීමට පාප් වහන්සේ අධිෂ්ඨාන කරගෙන සිටිති. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ 2013 වසරේ දී පදවියෙන් ඉල්ලා අස්වීම අතිශය අසාමාන්‍ය තීරණයක් බවද සදහන් කෙරේ.

මෙම වසර මුලදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසනීප තත්ත්වය හේතුවෙන් රැස්වීම සහ හමුවීම් අවලංගු කළේය. එසේම උන්වහන්සේට ඇවිදීමට අපහසු වන අතර රෝද පුටුවක් භාවිතා කිරීම වැඩි වැඩියෙන් දක්නට ලැබෙන අතර එයද බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ කරුණකි.

     

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us