රුසියාව අද ශෝක දිනයක් ලෙස නම් කරයි

Published in විදෙස්
Sunday, 24 March 2024 11:01

ISIS ත්‍රස්ත සංවිධානය සැලකිය යුතු ගෝලීය තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ත්‍රස්ත සංවිධානය තුරන් කිරීමට එක්වන්නැයි අන්තෝනියෝ ගුටරෙස් ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළ බවයි.

රුසියාවේ මොස්කව් අගනුවර ඊයේ සිදුවූ වෙඩි තැබීම හෙළා දකිමින් , එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊජිප්තුවේදී ඒ බව සඳහන් කළේ ය.

තුවක්කුකරුවන් පිරිසක් මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 133කට දිවි අහිමි විය.

ඉන් තුවාල ලැබූ පිරිස 150 කට අධිකයි.

ප්‍රහාරය එල්ල වන විට එම ශාලාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 6200 කි.

දිවි අහිමිවූවන් සිහිකරමින් අද රුසියාවට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරිණ.

ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් හතර දෙනා ඇතුලුව 11 දෙනෙකු මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරයේ වගකීම, IS සංවිධානය භාරගත්තේ ය.

රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් සඳහන් කළේ, ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබා දෙන බවයි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us