ඉන්දියාවේ රොබෝ ගුරුවරිය Featured

Published in විදෙස්
Wednesday, 03 April 2024 13:04

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හී පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතික පාසලේ සිසුන් පිරිසක් කෘතීම බුද්ධි තාක්ෂණය (AI) ආශ්‍රයෙන් රොබෝ ගුරුවරියක් නිර්මාණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඉන්දියාවේ ප්‍රථම AI-ජනනය කරන ලද මෙම පාසල් ගුරු රොබෝවරිය වන Iris, නම් රොබෝවරිය Makerlabs Edutech ප්‍රතිඵලයක් මත කේරළ පාසලක පැවති උත්සවයකදී එළිදක්වා ඇති බව ඉන්දියානු මාධ්‍ය සදහන් කර තිබේ.

අයිරිස් (Iris) නම් මෙම AI ගුරුවරිය සාරියකින් සැරසී සිටින බවද සඳහන්.

Iris සිසුන් සඳහා පුද්ගලාරෝපිත ඉගෙනුම් අත්දැකීම් ලබා දීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට නවෝත්පාදන ගෙන ඒම අරමුණු කරයි. AI ගුරුවරයා තිරුවානන්තපුරම්හි KTCT උසස් ද්විතීයික පාසලේ සේවය කිරීමට දැනට යොදවා ඇත.
අති නවීන රොබෝ තාක්ෂණයෙන් සහ generative AI තාක්‍ෂණයෙන් බල ගැන්වෙන Iris, In-built voice Assistant සහ Intel චිප්සෙට් එකකින් ක්‍රියාත්මක වන බවත් සදහන්.

සාරියකින් සැරසී සිටින මෙම මානවරූපී රොබෝවරිය NITI Aayog විසින් Atal Tinkering Lab (ATL) ව්‍යාපෘතිය යටතේ වැඩි දියුණු කරන ලද්දකි. Iris රොබෝ ගුරුවරිය සාම්ප්‍රදායික ඉගැන්වීමේ විප්ලවීය වෙනසක් ඇති කරන බව එරට මාධ්‍ය පවසා සිටියි.

දැනට භාෂා තුනකින් ප්‍රවීණ වන අතර, සංවර්ධකයින් එහි භාෂා හැකියාවන් භාෂා 20 දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කරයි.

සාමාන්‍ය ගුරුවරයෙකුට පිළිතුරු ලබා දිය හැක්කේ තමන්ගේ විෂයට අදාළව වුව ද මේ AI ගුරුවරියට ඕනෑම විෂයකට අදාළ ගැටලුවලට පිළිතුරු දියහැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

- රන්ජනා

Last modified on Wednesday, 03 April 2024 13:07

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us