ඔටුන්න හොරකම් කළ රූ රැජිණ

Published in විදෙස්
Sunday, 31 August 2014 11:10

මියන්මාර රූ රැජිණ ඔටුන්න රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර රූ රැජිණ තරගයකින් ජයග්‍රහණය කළ ප්‍රථම මියන්මාර රූ රැජිණ වන මේ මයිට් නෝඒ  2014 වසරේ ආසියා  පැසිපික් රූ රැජිණ කිරුළ දිනුවාය.

වසර 50 කට අධික කාලයක් හමුදා පාලනය යටතේ පැවති මියන්මාරයේ කාන්තාවන්ට රූ රැජිණ තරග සදහා ඉදිරිපත් වීමට පවා අවසර ලැබුනේ 2012 දීය.ඉන් වසර දෙකකට පසු මයිට් නෝඒ ආසියානු පැසිපික් රූ රැජිණ තරගයට ඉදිරිපත්ව ඉන් ජය ලැබීය.

මෙම ජයග්‍රහණය සංකේතවත් කරමින් අදාළ තරග සංවිධායකයින් විසින් ඇය කිරුළු ගන්වා  තිබේ.මෙහිදී  ඇමරිකානු ඩොලර් 100000 ක පමණ වටිනාකමකින් යුත් ඔටුන්නක් ඇයට පළදවා තිබේ.මීට අමතරව මෙම තරගය සදහා අනුග්‍රාහකයින් විසින් ලබාදුන්  ඩොලර් 10000 ක් පමණ වටිනා  පියයුරු වර්ධක කිහිපයක්ද ඇය විසින් ආපසු භාරදී නොමැති බව වාර්තා වෙයි.

රූ රැජිණ තරග වලදී කිරුළ පැළදීම සංකේතවත්ව සිදුවන බවත් පසුව එම කිරුළ අදාල සංවිධායක ආයතනය විසින් ලබා ගන්නා  බවත් එය ඊළග වසරේ ජයග්‍රාහිකාවට පිරි නැමීමත්  සාමාන්‍ය  පිළිවෙත බවත් එම සංවිධායකයෝ පවසති.නමුත් මෙම තරුණිය ඒවා  කිසිවක් යළි භාර නොදී පළා ගොස් තිබේ.

මේ නිසා ඇය රූ රැජිණ කිරුළෙන් පහ කර ඇති අතර අදාල එම රූ රැජිණ තරගයේ නිල වෙබ් අඩවියේ ඇයගේ රූපය කළු පාටින් වසා දමා කිරුළින් පහ කළ බව සදහන් කර තිබේ.

miyanmar2

 

miyanmar4

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us