මානුෂීය නීතිය කඩ කිරීම ගැන අමෙරිකානු රජයෙන් ඊශ්‍රායලයට චෝදනා

Published in විදෙස්
Saturday, 11 May 2024 08:37

අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ ඊශ්‍රායලය නොගැලපෙන ආකාරයෙන් භාවිත කර ඇති බවය.

කෙසේ වෙතත් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට අසාමාන්‍ය යුදමය අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බවද අමෙරිකානු රජය පවසා තිබේ.

ධවල මන්දිරය විසින් නිකුත් කර පසුගියදා කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති වාර්තාවක මෙම කරුණු ඉරිදිපත් කර ඇති බව සඳහන් වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ගාසා තීරයේ සිදුකරන ඊශ්‍රායල මෙහෙයුම්වලට මෙම වාර්තාව පැහැදිලි බලපෑමක් ඇති කරන බවය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කර ඇති බවට එම වාර්තාවේ සඳහන්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුටත් සඳහන් කර තිබේ.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us