මුහම්මද් යුනුස්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස්

Published in විදෙස්
Thursday, 08 August 2024 08:59

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා වශයෙන් නම් කෙරුණු මුහම්මද් යුනුස්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.

කම්කරු නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ නඩුවකින් ඔහුව නිදොස් කොට නිදහස් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

බංග්ලාදේශයේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ධූරය සඳහා ද නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් නම් කෙරුණේ ඊයේ (07) දිනයේ ය.

84 හැවිරිදි ආචාර්ය මුහම්මද් යූනුස් අන්තර් වාර අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම්කළ ද එය ව්‍යවස්ථා අර්බුදයකට හේතුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඒ බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්වාර පාලනයක් සඳහා විධිවිධාන ඇතුලත්ව නොතිබීමෙනි.

ව්‍යවස්ථාවෙන් විධිවිධාන සලසා තිබෙන්නේ, මැතිවරණයකින් තෝරා පත්කර ගන්නා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ය.

ජනාධිපතිවරයා පසුගිය 06 වැනිදා එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා රට හැර යෑමත් සමඟය.

දින 90 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.
සති කිහිපයක සිට නැඟී ආ මහජන නැගිටීම් තීව්‍ර වීමත් සමඟ ෂෙයික් හසීනා ඉකුත් සඳුදා ඉන්දියාවට පලා ගියා ය.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us