‘‘මලයාසියා යානයට මිසයිලය වැදී නැහැ‘‘

Published in විදෙස්
Wednesday, 10 September 2014 11:03

misailayaනැගෙනහිර යුක්රේනයේ දී කඩා වැටුණු මලයාසියා එම්.එච්.17 ගුවන්යානයේ කළු පෙට්ටිය හා සුන්බුන් විශ්ලේෂණය කළ ඕලන්ද ආරක්ෂක මණ්ඩයල සිය වාර්තාව නිකුත් කර ඇත. එම වර්තාවෙන් පෙන්වා දෙන්නේ යානයට මිසයිලය වැදී නැති බවයි.

යානය වෙත එල්ල වූ මිසයිලය ගුවන්යානය ආසන්නයේ දී පුපුරා ගොස් එමගින් නිකුත් වූ විවිධ කොටස් යානය අධික වේගයකින් යානය පසාරු කරගෙන ගොස් ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

ඇම්ස්ටර්ඩෑම් නගරයේ සිට ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මේ යානය මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 298 දෙනකු සමග විනාශ වී ගියේය.

මෙම මූලික වාර්තාව පිලියෙල කිරිම සදහා ඕලන්ද ගුවන් ගමන් විමර්ෂකයන් විසින් අනතුරට පත් යානයේ කළු පෙට්ටියේ දත්ත, ගුවන් ගමන් පාලක දත්ත සහ චන්ද්‍රිකා ප්‍රතිබිම්බ මෙන්ම ඡායාරූපද විශ්ලේෂණ කර තිබේ. යානයේ සැකිල්ල ගැන විශ්ලේෂණයක් කළ විට එහි කොටස්වල විවිධ ප්‍රමාණයේ සිදුරු තිබෙන ආකාරය දැකගත හැකිවූ බව ඕලන්ද විශ්ලේෂකයෝ කියති.

එම්.එච්. 17 යානයේ මිසයිලය ගැටුණු බව මේ වාර්තාවෙන් පවසන්නේ නැත. ඔවුන් පවසන්නේ අධික වේගයෙන් ආ වස්තූන් විසින් යානය පසාරු කැර ඇති බවයි. යුක්රේනයේ බෙදුම්වාදී කොටස් මෙන්ම හමුදාව ද එකම ආකාරයේ බර අවි භාවිතා කරති. කවරකු විසින් මේ ප්‍රහාරය එල්ල කළා ද යන්න සෙවීමට මිසයිලය ස්ථානගත කැර තිබූ භූමිය හා එම ප්‍රෙද්ශයේ රේඩාර් තිරවල දත්ත ලබාගත යුතු බව ද පර්යේෂකයෝ කියා සිටිති.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us